පසුගිය (21) දින එල්ල වූ ප්රහාරයන් පිලිබද තොරතුරු වසන් කළ බවට හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට සහ ඔහුගේ පියාට එරෙහිව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උපුල් විජේසේකර මහතා විසින් කොළඹ පොලිස් මූලස්ථානය වෙත අද දින (24) පැමිණිල්ලක් ගොනු කරන ලදී. මෙම අවස්ථාව සඳහා පිවිතුරු හෙළ උරුමය ප්රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක සහ මහජන නියෝජිත කටයුතු ලේකම් උපුල් කෝනාර යන මහත්වරුන් ද එක් විය.
