හෙරොයින් හා ගිනි අවි ප්‍රවාහනයට STF 12ක් සම්බන්ධ බවට තොරතුරු
හෙරෝයින් මත්ද්‍රව්‍ය හා ගිනිඅවි ප්‍රවාහනය කිරීමේ සිද්ධියට පොලිස් විශේෂ කාර්ය බලකායේ තවත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු නිලධාරීන් 12දෙනෙක් සම්බන්ධ වී ඇති බවට කරුණු හෙළි වී ඇතැයි අධිකරණයෙන් වාර්තාවෙයි.
අත් අඩංගුවට ගත් පොලිස් විශේෂ කාර්ය බලකායේ උපපොලිස් පරීක්ෂකවරයාට අමතරව තවත් නිලධාරීන් දොළොස් දෙනෙකු මෙසේ සම්බන්ධ වී ඇති බවට කරුණු අනාවරණය වෙමින් පවතින්නේ යැයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මියට ඊයේ (31දා) දින දැනුම් දුන්නේය.
මෙරට මත්ද්‍රව්‍ය ජාවාරකම්කරුවන් සමග එක්ව කුඩු ජාවාරම් කිරීම හා ආයුධ ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් නාකොටික් නිලධාරීන්ට එරෙහිව පැවති පැමිණිල්ල ඊයේ (31දා) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවනු ලැබූ අතර, අදාළ කරුණු එහිදී වාර්තාවිණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
