හෙරෝයින් ජාවාරම්කරුවෙකුට මරණ දඩුවම
හෙරොයින් ග්‍රෑම් 106ක් ලඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවන්ට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කිරිමට එරෙහිව ඉදිරිපත් කොට තිබු අභියාචනයක් විභාග කළ කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා විත්තිකරුට අද (24) මරණීය දණ්ඩනය නියම කළේය.
මීට පෙර අවස්ථාවකදී විත්තිකරුට කොළඹ මහාධිකරණයෙන් ජිවීතාන්තය දක්වා වු සිරදඩුවම් නියම කිරීමට එරෙහිව විත්තිකරු ඉදිරිපත් කළ ඇපෑලක් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණයෙන් කළ නියෝගයකට අනුව විත්තිකරුට එරෙහි නඩුව යළිත් විභාග කළ විනිසුරුවරයා විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් ඔහුට මරණීය දණ්ඩනය නියම කළේය.
මීට වසර 22කට පෙර හෙරොයින් ලග තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස දඩුවම් නියම වුයේ මාලූ ව්‍යාපාරිකයකු වන විශ්වලන් ප්‍රනාන්දු නමැත්තාටය.
විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුගේ ක්‍රියාවෙන් සමාජයට සිදුවී ඇති ඛේදජනක තත්ත්වය සැලකිල්ලට ගන්නා බවද විත්තිකරුට දඩුවම් පමුණුවමින් සදහන් කළේය.
1998 දෙසැම්බර් මස 04 වැනිදා හෝ ඊට ආසන්න දිනයක පිටකොටුව මාලූ කඬේදී හෙරොයින් ග්‍රෑම් 106 ක් ලඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යටතේ විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.
මේ සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් මීට පෙර අවස්ථාවකදීත් නඩු විභාග කළ විනිසුරුවරයා අදාළ චෝදනාවන්ට ඔහු වරදකරු කරමින් ඔහුට ජීවීතාන්තය දක්වා වු සිරදඩුවම් නියම කෙරිණි.
ඊට එරෙහිව විත්තිකරු අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළ අතර විත්තිකරුට එරෙහි නඩුව යළි මුල සිටම විභාග කරන ලෙස නියම කල අතර ඒ අනුව කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ නඩුව යළි විභාග කෙරිණි.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක අමරජිත් සිල්වා මහතාට ලැබුණු තොරතුරකට අනුව පිටකොටුව ශාන්ත ජෝන් මාලූ වෙළද සැළේ විත්තිකරුට අයත් මාලූ ලෑල්ල පරීක්ෂාවට ලක් කළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විත්තිකරු සන්තකයේ තිබී හෙරොයින් තොගයක් සොයා ගෙන ඇති බවත් එහි ශූද්ධ හෙරොයින් ග්‍රෑම් 106ක් ඇති බවත් නඩු විභාගයේදී අනාවරණය විය.
නඩු විභාගය අවසානයේදී විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා අදාළ චෝදනාවන්ට ඔහු වරදකරු බවට තීරණය කළේය.
ඒ අනුව විත්තිකරුට මරණීය දණ්ඩනය නියම කළේය.

popular news
-
rocky Thursday, 24 September 2020 05:21 PM
ohuta parlimenthu mathiwaranayaka apekshakayaku weemata barida?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

