හයිලන්ඩ් හා මිල්කෝ නිෂ්පාදන වැඩි කිරිමට උපදෙස්
ඉදිරි උත්සව සමයට මිල්කෝ, හයිලන්ඩ් නිෂ්පාදන වැඩි කරන ලෙස කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා දිගන මිල්කෝ කිරි නිෂ්පාදනාගාරයේදි පැවති සාකච්ඡාවේදී නිලධාරීන්ට උපදෙස් උපදෙස් ලබා දුන්නේය.
එහිදී කිරි කර්මාන්තශාලාව වෙත ලැබෙන කිරි ප්‍රමාණය වැඩි කිරීම උදෙසා එක් රැස් කිරීම වර්ධනය කරන ලෙසත්, දෛනික නිෂ්පාදිත අයිස්ක්‍රීම් හා යෝගට් ප්‍රමාණය විසිදහසකින් ඉහළ දමන ලෙස උපදෙස් ලබා දුන්නේය.
විදේශීය කිරිපිටි ගැටළුව සමඟ මිල්කෝ නිෂ්පාදන අලෙවිය ඉහළ ගොස් ඇති බැවින් වෙළඳපොලේ හිඟයක් පවතින බව අමාත්‍යවරයා මෙහිදී පැවසූ අතර, දෛනික කිරිපිටි නිෂ්පාදනයන් ඉහළ දැමිය යුතු බව අමාත්‍යවරයා කීය.
දෛනික කිරි සැපයුම වියළි කාලගුණය සමඟ ලීටර් ලක්ෂය දක්වා අඩුවි ඇති බවද, අඹේවෙල කිරි කර්මාන්තශාලාව සඳහා දෛනිකව කිරි ලීටර් ලක්ෂ 04ක අවශ්‍යතාවයක් පැන නැඟී ඇති බව හෙතෙම අවධාරණය කළේය.
කිරි එක් රැස් කිරීමේ නිලධාරීන් සඳහා මෙම මාස කිහිපය තුළදී ඉලක්කයක් ලබා දී ඇති බවත්, එය සැපිරීමට කටයුතු නොකරන නිලධාරීන්ට අවශය නීතීමය පියවර ගන්නා බවත් එහිදී පැවසීය.

popular news
-
Champa Tuesday, 26 March 2019 05:41 PM
මිල්කෝ එක කිරි ගොවීන්ගේ සල්ලි දුන්නද වෙලාවට? එහෙම දුන්නේ නැහැ කියල උද්ඝෝෂණයක් මම දැක්ක මාසෙකට විතර ඉස්සෙල්ල. මිල්කෝ එක ලාභ ලබනවා නම් කිරි ගොවීන්ට වැඩි මුදලක් ගෙවන්න පුළුවන්නේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

