හඹරන ඇතින්නියන් මිය යෑම තවමත් අභිරහසක්
හබරන හිරිවඩුන්න තුන්ඹිකුලම රක්ෂිත තිබී අද (28දා) දහවල් වනවිට තවත් මියගිය ඇතින්නියන් තිදෙනෙකුගේ මළසිරුරු හමු වූ බව වනජීවී නිලධාරීහු පවසති.
ඒ අනුව මේ වන විට මිය ගිය ඇතින්නියන් හත් දෙනෙකුගේ මළ සිරුරු සොයා ගැනීමට හැකි වූ බව වනජීවී නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කරති.
27 වන දින වන විට ඇතින්නියන් සිවු දෙනෙකුගේ මළ සිරුරු සොයාගත් අතර අද අලුයම එක ඇතින්නියකගේ මළ සිරුරක් සොයා ගත් බවත් එම ඇතින්නිය ආසන්නයේ වයස අවුරුදු හතරක පමණ කුඩා පැටවකු රැඳී සිටීම විශේෂත්වයකි.
මෙම කුඩා අලි පැටවා තම මව මියගිය බව නොදැන මව අසලට වී රැඳී සිටින ආකාරයත් එමෙන්ම කිසිවකුටත් එම ස්ථානයට ළංවීමට ඉඩ නොදී මව බලා ගන්නා ආකාරය ද බොහෝ දෙනෙකුගේ සංවේදී දර්ශනයක් බවට පත්විය.
සීගිරිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් යුද හමුදාව හබරණ පොලීසිය සහ ප්රදේශවාසීන් එක්ව තවදුරටත් මළසිරුරු ඇත්දැයි සොයා සිදුකරන මෙහෙයුම් පෙරවරුවේ ආරම්භ කළහ. මෙම මෙහෙයුමේ දී යුද හමුදා නිළධාරීන් කණ්ඩායමට සහ ප්රදේශවාසීන් කණ්ඩායමකට රක්ෂිතය තුල තිබී එයාකාරයෙන් තවත් ඇතින්නියන් දෙදෙනෙකුගේ මළ සිරුරු හමු වූ බව වනජීවී නිලධාරීහු පවසති.
දැනට හමුවූ මළසිරුරු හතම ගැහැණු සතුන්ගේ වීම විශේෂත්වයකි. එමෙන්ම මෙම සතුන් ගැබ්බරව සහ කුඩා පැටවුන් සහිත මව්වරුන් බව වනජීවී නිලධාරීහුකියති .
මෙම සතුන් මිය යෑම පිළිබඳව තවමත් නිශ්චිත ප්රකාශයක් කිරීමට නොහැකි බවත් තවදුරටත් ඒ පිළිබඳව පරික්ෂා කරන බව වනජීවී නිලධාරීහු සඳහන් කළහ.
එස් කරුණාරත්න


popular news
-
Ile Saturday, 28 September 2019 05:15 PM
හඹරණ නොවෙයි හබරණ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

