හමාස් සටන් නායකයාගේ බිරිඳ හා දරුවා ඊශ්‍රායල් ප්‍රහාරයකින් නසී
ඊශ්‍රායලය විසින් ගාසා තීරය වෙත එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හමාස් සටන් නායකයාගේ බිරිඳ හා දරුවා ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
හමාස් බලධාරීන් පෙන්වා දෙන පරිදි එම සංවිධානයේ සටන් ඒකකය භාර මොහොමඩ් ඩෙයිෆ්ගේ බිරිඳ හා දරුවා මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.
ගාසා තීරයේ පැවති සටන් විරාම අවසන් වෙමින් ඊයේ සහ අද (20දා) දිනයන්හිදී පලස්තීනය දෙසින් එල්ල කෙරුණු රොකට් ප්‍රහාර 50කට අධික ප්‍රමාණයකට පිළිතුරු වශයෙන් තමන් ගුවන් ප්‍රහාර දියත් කළ බව ඊශ්‍රායලය කියයි. කෙසේ වෙතත් පලස්තීන ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රාලයෙන් ජීවිත හානි හෝ තුවාල සිදුවීම් වාර්තා නොවෙයි.
අඟහරුවාදා රාත්රියේදී එල්ල කෙරුණු ප්‍රහාරයෙන් මොහොමඩ් ඩෙයිෆ්ගේ බිරිඳ හා දරුවා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එහිදී, ඔහුට හානියක් සිදුවූයේද නැද්ද යන්න පිළිබඳ පැහැදිලි තොරතුරක් නොමැති බවද කියැවෙයි.
කෙසේ වෙතත්, හමාස් සංවිධානයේ හිටපු නියෝජ්‍ය නායක මූසා අබු මර්සූක් විසින් මියගිය දෙදෙනා ඩෙයිෆ්ගේ බිටරිද හා දරුවා බව තහවුරු කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

