හම්බන්තොට තෙල් පිරිපහදු ව්‍යාපෘතිය ඔමාන සමාගමක් සමඟ ආරම්භ කරනවා - රනිල්
හම්බන්තොට තෙල් පිරිපහදු ව්‍යාපෘතිය ඔමානයේ රාජ්‍ය පෞද්ගලික සමාගමක් සමඟ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(21දා) පාර්ලිමේන්තුවට පැවසීය.
හම්බන්තොට තෙල් පිරිපහදු ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මහතා විමසු ප්‍රශ්නයක් සම්බන්ධයෙන් අදහස් දැක්වීමේදී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසු අතර එම සමාගමට 30% ක කොටස් ලබාදෙන බවද පැවසීය.
මෙම තෙල් පිරිපහදු ව්‍යාපෘතිය ඔමාන් රජය සිදුකරන ව්‍යාපෘතියක් නොවන බවට ඔමානයේ ඛනිජ තෙල් සහ වායු පිළිබඳ අමාත්‍යාංශය සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් පැහැදිලි කිරිමක් කරන ලෙස කාංචන මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී පැවසිය.
ඩොලර් මිලියන 3.8ක ආයෝජනයකින් මෙම ව්‍යාපෘතිය සිදුකරන බවද මෙහිදි පැවසු අතර අයෝජන මණ්ඩලය මඟින් මේ පිළිබඳ සම්පුර්ණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නියමිත බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

popular news
-
Champa Thursday, 21 March 2019 05:58 PM
මේක හදන්න හදන්නේ හම්බන්තොටද? එහෙම කොහොමද මිනිස්සු සත්තු ළඟ ළඟ ජීවත් වෙන පරසරයක oil refinery හදන්නේ? එතකොට මේකෙන් නිකුත් වෙන toxic waste වලින් මුළු හම්බන්තොටම වැහිලා යයි. ගස් වැලුත් විනාස වෙයි. දැන් මේක හදන්න පරිසර අමාත්‍යංශය අවසර දුන්නද? එහෙම කොහොමද? අනික් එක oil refinery එක පිපුරුවොත් කොහොමද? කැනඩාවේ ලොකුම oil refinery එක ගිය අවුරුද්ද අග පිපිරුව කියල CNN news වල දැම්ම. අනික පටන් ගත්ත වගේ නෙමෙයි ඊට පස්සේ මේ oil refinery ටික ටික ලොකු කරනවා. තව කොච්චර ඉඩම් යයිද දන්නෙත් නැහැ. එහෙම ලොකු කරන්න ගිහින් මිනිස්සුන්ට ගම් ඇත ඇරලා යන්න සිද්ධ වෙයි. මේ වැඩේට ඉඩ දෙන්න එපා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

