හම්බන්තොටට චීනයෙන් තවත් ඩොමි 146
හම්බන්තොට වරායේ ආයෝජන කටයුතු සිදු කිරීම සඳහාතවත් ඇමෙරිකානු ඩොලර් මිලියන එකසිය හතලිස් හයක (146) මුදලක් ආයෝජනය කිරීමට චීන සමාගමකැමැත්ත පළකර ඇතැයි වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.
අදාළ මුදල ආයෝජනය කිරීම පිළිබඳ චීන සමාගම හා ශ්‍රී ලංකා වරාය අමාත්‍යාංශය එක්ව තීරණය කරන බවත්, අදාළ මුදල HSBC බැංකුවේ තැන්පත් කර තිබෙන බවත් ඔහු පවසා සිටියේය.
ඍජු ආයෝජන සඳහා ලැබී තිබෙන මෙම මුදල වියදම් කිරීම සිදුවන්නේ ශ්‍රී ලංකා රජය හා චීන සමාගම එක්ව සකස් කරන සැලැස්මකට අනුව බවත්, ශ්‍රී ලංකා රජය පාර්ශ්වයෙන් එම කටයුත්ත සිදුකිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියට බලය පැවරීමට තීරණය කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම ආයෝජන මුදලට අමතරව ඉදිරි වසර තුන තුළදී තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන හාරසියයත් -හයසියයත් අතර මුදලක් ආයෝජනය කිරීමට සූදානම් බවට දන්වා ඇතැයිද මහින්ද සමරසිංහ මහතා පවසා සිටියේය.
හම්බන්තොට වරාය බදු ලබාදීම යටතේ මේ වනවිට ලැබී තිබෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 974 මහා භාණ්ඩාගාරයට ලබාදී තිබෙන බවත්, අදාළ මුදල උපයෝගී කරගෙන මහා භාණ්ඩාගාරය හම්බන්තොට වරායට ඉදි කිරීමට ලබාගෙන තිබෙන ණය සහ පොලී වාරික ගෙවීම සිදුකරන බවත් හෙතෙම කියා සිටියේය.

popular news
-
Champa Tuesday, 31 July 2018 07:39 AM
චීනේ දෙන ගාන වගේ එකසිය ගුණයක් ඕකෙන් හම්බ කරනවා. මෙහෙම කරන්නේ ආයේ කවුරු ආවත් මාගම්පුර වරාය ආපහු රටට අයිති කරගන්න බැරි වෙන්න. රනිල් මේ අවුරුදු 3 ට අත්සන් කරපු එක ගිවිසුමක් වත් කවුරුවත් හරියට දැක්කේ නැහැ. ජනාධිපතිටවත් වෙනත් දේශපාලකයින්ටවත් ඒ ගැන හොයන්න ඕනේ කමකුත් නැහැ. කිසි දේශපාලකයෙකුට මුකුත් කරන්න බැරි වෙන්න හැම එකම රටට අවාසි සහ නැවත ආපිට හරවන්න බැරි කොන්දේසි දාල ඇති. නැත්නම් කිසිම් රටක් මෙහෙම ගිවිසුම් එක මාසෙන් දෙකෙන් අත්සන් කරන්නේ නැහැ. ඔක්කොම වෙළඳ ගිවිසුම් ඕ වගේ. ඒකාබද්ධ විපක්ෂේ හිතනවා රනිල්ට මේවා කරන්න දීල පස්සේ මේවා සටන් පාඨ විදියට වේදිකාවට අරන් එන්න පුළුවන් කියලා. ඒ ටොෆිය මිනිස්සු කන්නේ නැහැ. ඒක ලබන අවුරුද්දේ තේරෙයි. දේශද්‍රෝහීන් හැමෝටම ඉතරක් නෙමෙයි විශ්වාසය කඩ කරපු හැමෝටමත් බලා ගන්න පුළුවන් වෙයි ලබන අවුරුද්දේ මිනිස්සු ජනාධිපති විදියට දේසපාලකයෙක්ව තෝර ගත්තේ නැති වුනහම.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

