පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඇප මත මුදා හළ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ලබා සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන දෙදෙනාට ඇප ලබ ා දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලබා දුන් නියෝගය ඉවත දැමු කොළඹ මහාධිකරණ විනිසුරු විකුමු කලුආරච්චි මහතා ඔවුන් දෙදෙනා රිමාණ්ඩ් භාරයට ලත් කිරිමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නියම කළේය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය තමන්ට නැති බලයක් ආරෝපණය කර ගනිමින් මොවුන් දෙදෙනාට ඇප ලබා දිමට ගත් තිරණය නීතිවිරෝධි බවට තිරණය කළ විනිසුරුවරයා මහේස්ත්‍රාත්වරියගේ තිරණය සැකකරුවන් ඇප ලබා දෙමින් මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ තීන්දුව ප්‍රතිශෝධනය කිරිමටද නියම කළේය.
