හේමසිරිට හා පූජිතට ඇප
පාස්කු ඉරිදා බෝම්බ ප්රහාරය හා එහි බලපෑම අඩුකර ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු හා අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇප මත නිදහස් කර තිබේ.
12.45 පූජිතටත් ඇප
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාටද ඇප නියම කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.
පාස්කු ප්රහාරයේ බලපෑම හා එම ප්රහාරය වලක්වා නොගැනීමට කටයුතු කිරීමේ චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.
රුපියල් 250000ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මහත ඔහු මුදා හැරිණි.
11.42 AM හිටපු ආරක්ෂක ලේකම්ට ඇප
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු මහතා ඇප මත නිදහස් කර තිබේ.
පාස්කු ඉරිදා බෝම්බ ප්රහාරය හා එහි බලපෑම අඩුකර ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.
රුපියල් 250000ක මුදල් ඇපයක් හා ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මහත ඔහු මුදා හැරීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.
සැකකරුගේ විදේශ ගමන් තහනම් කළ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඔහුට සෑම මසකට වතාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසද නියෝග කළේය.
popular news
-
Kumar Wednesday, 05 February 2020 08:59 PM
දැන් නීතිපති දෙපාර්තමේන්තුවට වෙලා තිබෙන්නෙ ගලක් මත පහරුව බලලට වුන දෙයයි. කවදද සේවය පැහැර හරියට සිවිල් නිධාරීන් හිරේ ගියෙ. දේශපාලුවන්ගේ සිත දිනාගන්න බොරු නඩු දමනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

