හම්බන්තොට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි
- 29 09 2020
- 16:01
- {{hitsCtrl.values.hits}} views
- ..
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට (30) පෙරවරු 6 සිට පැය 24ක් ජල සැපයුම අත්හිටුවනු ලබන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව, දෙහිගහලන්ද, මිරිජ්ජවිල, සිසිපසගම, ගොඩවාය, මානජ්ජාව සහ පහළ බැරගම යන ප්‍රදේශ සඳහා ජල සැපයුම අත්හිටුවනු ලබයි.
අම්බලන්තොට ජල සම්පාදන ක්‍රමයට අයත් අම්බලන්තොට සිට හම්බන්තොට දක්වා ජලය ගෙන යනු ලබන සම්ප්‍රේෂණ නළය, හම්බන්තොට වරායේ සිට එලන සම්ප්‍රේෂණ නළ මාර්ගයට සම්බන්ධ කිරීම හේතුවෙන් මෙම ජල අත්හිටුවීම සිදුකරන බව වාර්තා වේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
