කන්තලේ හබරණ කිවුතොට ප්‍රදේශයේදී ඊයේ (11දා) සවස වලස් ප්‍රහාරයකට ලක්ව පුද්ගලයන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කොට තිබේ.
මෙලෙස තුවාල ලබා ඇත්තේ එම ප්‍රෙද්ශයේ වනාන්තරයකට මී කැඩීම සඳහා ගොස් සිටි ඥාති පුද්ගලයන් දෙදෙනෙකි.
වලස් ප්‍රහාරයට ලක්වීමෙන් අනතුරුව තුවාල ලැබූවන් ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කොට ඇති අතර එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බැවින් ඔහු කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
