හඳුනා නොගත් පෙති වර්ගයක් සිය දියණියට පෙවූ පියා අත්අඩංගුවට
දහතුන් හැවිරිදි දියණියට හඳුනානොගත් පෙති වර්ගයක් බලහත්කාරයෙන් පෙවූ බව කියන 36 හැවිරිදි පියෙක් අද (21දා) පානදුර මෝදරවිල සුනාමි නිවාස සංකීර්ණයේ නිවසක දී අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
සැකකරු දැරියට එම පෙති 12 බලහත්කාරයෙන් පොවා ඇතැයි පොලිසිය සඳහන් කරයි. දැරිය මේ වන විට පානදුර මූලික රෝහල රෝහලේ ප්‍රතිකාර ලබන රෝහල් ප්‍රකාශකයකු පැවසීය. දැරියට පෙවූ බවට සැකකරන හඳුනාගෙන නොමැති තවත් පෙති 20 එම නිවසේ තිබී පොලිසිය භාරයට ගෙන ඇත.
දැරියගේ මව පෙරේදා 20 පානදුර දකුණු පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අයිස් මත්ද්‍රව්‍ය හා මත්පෙති පානයට දැඩිව ඇබ්බැහිව සිටින සැකකරු ඔහුගේ මිතුරන් සමග එම නිවසේ ඒවා පානය කිරීමට පුරුදු වී ඇතැයි සිදු කළ විමර්ශන වලදී හෙළි වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
සැකකරු දැරියට පානය කිරීමට සැලසූ බව කියන නිවසේ තිබී සොයාගත් පෙති වැඩිදුර පරීක්ෂණ සඳහා ඖෂධ නියාමන අධිකාරිය වෙත යොමු කරන බව පොලිසිය කියයි. සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

