හදිසි මහ මැතිවරණයකට එජාප මන්ත්‍රීන්ගේ විරෝධයක්
නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැර හදිසි පාර්ලිමේන්තු මැතිවරණයකට යෑමට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් විරෝධය පළකර ඇතැයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කළේය.
මේ වර්ෂයේ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය සම්මත වීමටද පෙර පාර්ලිමේන්තුව විසිරුවාහැරීමට ඇතැම් පිරිස් සාකච්ඡා වන බවත්, එසේ වුවද ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට කිසිසේත් එකඟ විය නොහැකි බවත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් බහුතරයක් සඳහන් කර ඇත.
මේ අතර, ජනාධිපතිවරණයට පෙර හදිසි පාර්ලිමේන්තු මැතිවරණයකට යෑමට අවස්ථාවක් තිබේදැයි සොයාබැලීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අවධානය යොමුව තිබෙන බවද වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිර්සේන මහතාගේ පාර්ශ්වය සහ මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය අතර සාකච්ඡාද පවත්වා ඇතැයි වාර්තා වෙයි.
එමෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැර හදිසියේ පාර්ලිමේන්තු මැතිවරණයකට යෑමේ යෝජනාවට මේ අවස්ථාවේදී එකඟ නොවන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලීමක් කර ඇතැයිද වාර්තාවේ.
ලබන ඔක්තෝබර් මාසයෙන් පසුව ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබුණද, ඊට ප්‍රථම මහමැතිවරණයක් පැවැත්වීමට පාර්ලිමේන්තුවේ ඇතැම් පක්ෂ අතරද සාකච්ඡා වෙමින් පවතී.
එමෙන්ම හදිසි මැතිවරණයකට යෑමට අවශ්‍යනම්, අයවැය පරාජය කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මෛත්‍රී පාර්ශ්වය සහ මහින්ද පාර්ශ්වය අතර සාකච්ඡාවක් ඇතිවී ඇති බවද වැඩිදුර ආරංචිමාර්ග සඳහන් කළේය.

popular news
- 
                            
Saththaya Monday, 11 March 2019 10:25 AM
දුෂිත පුද්ගලයන් බොහෝ කාලයක සිට කුමන්ත්‍රණය කලේ , බලය තියාගෙන , පෙර කළා මෙන් , දුෂිතව මැතිවරණ ජයග්‍රහණය කිරීමටයි .
Reply : 0 24
Champa Monday, 11 March 2019 11:10 AM
යූඑන්පී එක මේ දවස්වල ෂෝ එකක් කරනවා. මැතිවරණය දැන් තිබ්බත් පස්සේ තිබ්බත් මේක හුඟ දෙනෙක්ගේ අන්තිම පාර්ලිමේන්තුව. මේගොල්ලෝ හිතා ඉන්නේ හැමදාම වගේ මේගොල්ලෝ කියන විදිහට මිනිස්සු චන්දෙ දෙයි කියලා. 2015 චන්ද දෙකට නොහිටපු හුඟක් මිනිස්සු පාරට බහින බව මතක් කරලා දෙන්න කැමතියි. ඊලඟ චන්දෙ මිනිස්සු අතට ගන්නවා. දේශපාලකයන්ට වෙන්නේ බලා ඉන්න.
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                