හතුරුසිංහ ඉවතට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කර නවසීලන්තය හා පැවැත්වෙන තරගාවලිය සඳහා අතුරු පුහුණුකරු ලෙස ජෙරොම් ජයරත්න මහතා පත්කළ බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හා හතුරුසිංහ මහතා අතර එකඟතාවයකට පැමිණීමට නොහැකිවීම හේතුවෙන් මෙසේ ඔහු ඉවත්කිරීමට කටයුතු කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා චන්දික හතුරුසිංහ මහතා අතර ඇතිකරගත් ගිවිසුමේ වගන්ති 14ක් ඔහු විසින් කඩකර ඇති බවද හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.
ඒ සම්බන්ධයෙන් ඔහුට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ අතර තුළ අවශ්‍යනම් ක්‍රිකට් ආයතනය සමග එකඟතාවයකට පැමිණිය හැකි බවත් හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

popular news
-
Don Tuesday, 06 August 2019 08:08 AM
ලෝක කුසලාන තරඟාවලිය විනාශ කලේ හතුරුසිංහ පමණක් නෙවි, කොහෙද හිටිය අසන්ත ඩී මෙල්, එංගලන්තයට ගිහිල්ල සල්ලි ගිල්ල නිලධාරී දුසිම් 4 ම එලවන්න ඕන.
Reply : 0 0
anura Tuesday, 06 August 2019 02:20 PM
හතුරුසිංහ හොඳ පුහුණු කරුවෙක් , ක්‍රීඩාව දන්නා මිනිහෙක් . ඇමති ඇතුළු නිලධාරීන් අවබෝධයක් නොමැති ය. හතුරුසින්ඝ නඩු මගට ගොස් ICC එකට දේශපාලන ඇඟිලි ගැසීම් ගෙන පැමිණිලි කල යුතුය .
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

