හිටපු කොටි සාමාජිකයෙකු ආයුධත් සමග කිළිනොච්චියේදී අත්අඩංගුවට
කිළිනොච්චිය පලෙයි ප්රදේශයේදී ගිනිඅවි, පතුරම් සහ කඩු තොගයක් සමග හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු ඊයේ (20) දින ත්රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
වවුනියාව ත්රස්ත විමර්ශන ඒකකයට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් අදාළ සැකකරු පලෙයි ප්රදේශයේ සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සමීපයේ ගිනි අවි 04 ක් සහ පතුරම් 126ක් තිබී හමු වී ඇත.
මේ අනුව සොට්ගන් වර්ගයේ පතුරම් තුවක්කු එකයි ගල්කටස් වර්ගයේ තුවක්කු දෙකයි, පිස්තෝලයක් සහ කඩු දෙකක් තිබී හමු වී ඇති අතර අදාළ සැකකරු හිටපු කොටි සාමාජිකයෙකුද වන අතර ඔහු පුනුරුත්ථාපනය වූ සාමාජිකයෙකු බවටද ත්රස්තවිමර්ශන නිලධාරීන් විසින් අනාවරණය කොට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු මේ වනවිට රඳවා ගැනීමේ නියෝග මත ප්රශ්න කිරීම් සිදු කරන අතර වවුනියාව ත්රස්ත විමර්ශන ඒකකයේ වැඩිදුර පරික්ෂණ සිදු කරයි.
popular news
-
Champa Monday, 21 January 2019 01:53 PM
හිටපු කොටි ත්රස්තවාදියෙක් කියලා කියන්න බැහැනේ. ආයුධ අතේ තියෙනවා නම් හිටපු නෙමෙයි තාමත් කොටි ත්රස්තවාදියෙක්. දැන් දැන් මෙවුන් එලියට එනවා නේද? ලොකු චන්ද එනව කියන කොට කොටිත් එලියට එනව. හුඟක් vigilant වෙන්න වෙයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

