හිටපු කොටි ප්‍රභලයන් දෙදෙනෙක් වසර 25ක් හිරේට
ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ සේනා විධායකවරයාව සිටි කර්නල් ජයන්ත සුරවීර මහතා ඇතුළු අට දෙනෙකු විල්පත්තුව ජාතික වනෝද්‍යානයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ ප්‍රභල එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් දෙදෙනෙකුට වෙන් වෙන්ව වසර 25 බැගින් සිර දඬුවම් නියම කිරීමට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා නියම කළේය.
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ආරක්ෂක තත්වය සොයා බැලීමට කැබ් රථයකින් ගමන් කරමින් සිටියදී මෙසේ ඔවුන්ට වෙඩි තබා ඝාතනය කර තිබේ. එසේම ඔවුන්ට ලබාදුන් දඬුවම වසර පහකින් ගෙවීයන පරිදි නියම කිරිමටත් මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.
මෙලෙස බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම වූයේ සූරියකාන්තන් ජෙයචන්ද්‍රන් හෙවත් උදයන් හෙවත් අයියන් සහ ශිව ප්‍රකාශන් ශිවශීලන් හෙවත් ඉලෙයියන් යන කොටි සංවිධානයේ හිටපු ප්‍රබල සාමාජිකයින් දෙදෙනාටය. විත්තිකරුවන් වසර හතකට අධික කාලයක් අඛන්ඩව රිමාන්ඩ් බාරයේ රඳවා සිටියේය.
අනුරාධපුර චතුරංග
popular news
-
Champa Wednesday, 23 January 2019 11:34 AM
අවුරුදු 25ක් නැහැ. අවුරුදු 5යි දඬුවම. හමුදාවේ 8ක් මරපු ත්රස්තවාදීන්ට අවුරුදු 5යි. හැබැයි වෙන උසාවි වල ත්‍රස්තවාදියෝ මරුවා කියලා හමුදා නිලධාරීන්ට මරණ දඬුවම දීල තියෙනව. තව හුගක් හමුදා නිලධාරියෝ හිරේ දාල තියෙනවා අවුරුදු ගණන්. මෙතන පැහැදිලිවම කුමන්ත්‍රණයක් තියෙනව. ඉස්ස්ලෙල්ල LTTE මරාගෙන මැරෙන Air Tigers දෙන්නෙක්ට දුන්නෙත් අවුරුදු 5යි. තව එවුන් වෙන උසාවි වලින් නිදහස් කරලත් තියෙනව. තව උසාවි වලින් ත්රස්තවාදීන් අවුරුදු 100,150 හිරේ දාපු අවස්ථාත් තියෙනව. එකම වරදට ත්රස්තවාදීන්ට විවිධ උසාවි වලින් විවිධ දඬුවම් දෙන්නේ කොහොමද? ත්රස්තවාදීන් මරුවා කියලා හමුදා නිලධාරියෝ ජීවිතාන්ත දක්වා හිරේ යද්දී හමුදා නිලධාරීන්ව මරපු ත්රස්තවාදීන්ට ලිහිල් දඬුවම් ලැබෙන්නේ කොහොමද? ඉතාම දරුණු ගනයේ ත්රස්තවාදීන් බොහොමයක් 2025 වෙනකොට එලියට එනවා. පුනරුත්ථාපනය කෙරුව කියපු LTTE කාරයෝ දැන් අහු වෙනවා ආයුධ එක්ක. විෂ ඝෝර සර්පයා දැක නෑරු මෝඩයා නොකරපු එකේ විපාක 2025 වෙනකොට රටටම විඳින්න වෙයි වගේ. පැහැදිලිවම පෙනෙන විදිහට දේශීය සහ විදේශීය වශයන් ලොකු game යටින් එකක් යනවා ත්‍රස්තවාදය නැවත ඇති කරන්න. ඇස කන් ඇරලා මේ ගැන හිතන්න වෙයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

