හංගේරියානු තරුණයක් ලංකාවේදී අපයෝජනයට
තිස්එක් හැවිරිදි වියේ පසුවු හන්ගෙරියානු ජාතික තරුණියක් වෑන් රථ රියදුරකු විසින් වෑන් රථයකදී අද (19දා) අළුයම බරපතල ලෙස අපයෝජනයට ලක්කොට ඇති බව හික්කඩුව පොලිසිය පවසයි.
මෙම හන්ගෙරියානු ජාතික තරුණිය දෙසැම්බර් මස 25වැනිදින මෙරටට පැමිණ තිබේ. ඇය මිරිස්ස ප්‍රදේශයේ හෝටලයක ලැඟුම්ගෙන සිට ඇති අතර ඉකුත් 18 වැනිදින හික්කඩුව නගරයේ පිහිටි හෝටලයකට පැමිණ ලැගුම්ගෙන තිබේ.
තරුණියගේ පෙම්වතා අද (19දා) දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබී ඇති අතර ඔහු රැගෙන එම සදහා ඇය කුලි වෑන් රථයක් වෙන්කරවාගෙන තිබි ඇත. කෙසේ වෙතත් එම වෑන් රථය වෙනුවට ඇය වෙනත් වෑන් රථයකට ගොඩවී ඇති අතර එහිදී තමන් අපයෝජනයට ලක්කළ බවට තරුණිය ස දහන් කර තිබේ.
මේ සම්බන්දයෙන් විදේශිය තරුණිය හික්කඩුව පොලිසියට පැමිණිලිකොට ඇත. විදේශිය තරුණිය පොලිසිය විසින් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයකු වෙත යොමුකිරිමට කටයුතු කර තිබුණි. සී.සී.ටී.වි. දර්ශන මගින් සැකකාර වෑන් රථ රියදුරු අත්අඩංගුවට ගැනිම සඳහා හික්කඩුව පොලිසිය පරික්ෂණ පවත්වයි.
ජිනේෂ් නානායක්කාර

popular news
-
Champa Friday, 22 February 2019 11:25 PM
චික් ලංකාවේ නම කනවා කාලකන්නි. දෙන්න පුළුවන් උපරිමම දඬුවම දෙන්න ඕනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
