සෞඛ්‍ය ඇමතිකම ජනපති ගන්න - GMOA
රටේ සෞඛ්‍ය අමාත්‍යවරයා කිරිපිටි සමාගම් වෙනුවෙන් පෙනී සිටින බැවින් සෞඛ්‍ය අමාත්‍ය ධුරය ජනාධිපතිවරයා යටතට පවරා ගන්නා ලෙස අද (18දා) ඉල්ලා සිටි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා රටේ ජනතාව ගැන සිතා කිරිපිටි සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වය පිළිබඳව රටට හෙළිකළ බවත්, ඒ පිළිබඳව කිසිදු සොයා බැලීමක් නොමැතිව සෞඛ්‍ය අමාත්‍යවරයා කිරිපිටි සමාගම් රැක ගැනීමට ප්‍රකාශ සිදුකරන බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
මීට අමතරව පසුගිය කාලය තුළදී පිළිකා ඖෂධ මිලදී ගැනීමේදී අක්‍රමිකතා සිදුව තිබෙන බවත්, නෙවිල් ප්‍රනාන්දු රෝහල පවරා ගැනීමේදී එය නිවැරදිව සිදු නොකිරීම ඇතුළු චෝදනා ගණනාවක් සෞඛ්‍ය අමාත්‍යවරයාට එල්ල වී තිබෙන බවත් ඒ මහතා අද (18දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

popular news
-
Damitha Monday, 18 February 2019 03:36 PM
Home Features About LEN සිරිසේනගේ කිරිපිටි විරෝධය මයිලෝ විරෝධය මෙන් කප්පම් ලබා ගැනීමේ වෑයමක්..! හැකිනම් මීලඟ කැබිනට් රැස්වීමට කිරිපිටි තහනම් කරන යෝජනාවක් ගෙන එනු..! මාස 7 ක් පමණක් ඉතිරිව ඇති ජනාධිපති සිරිසේනගේ අලුත්ම නාටකය ‘කිරි පිටි විරෝධය’ හුදෙක්ම කප්පම් ගැනීමේ වෑයමක් බවත් එහි තිර රචකයා අන් කවුරුත් නොව කිලී මහාරාජා බවත් ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ. නෙස්ලේ සමාගමෙන් ගත් මිලියන 400 සිරිසේන මේ ආකාරයටම මීට කලකට පෙර ‘මයිලෝ විරෝධයක්’ පෙන්වූ අතර පසුව සිය ඩීල් බෑණා යොදවා මයිලෝ ගෙන්වන නෙස්ලේ සමාගමෙන් රුපියල් මිලියන 400 ක කප්පමක් ලබා ගත් බවත් වාර්තා වේ. සිරිසේනගේ ඩීල් බෑණා සමග සාකච්ඡා කර පසුව කප්පම් මුදල ගෙවා ඇත්තේ නෙස්ලේ සමාගමේ 'බන්ධුල' නමැති නිලධාරියෙකි. සිරිසේන මෙවර කිරි පිටි විරෝධයක් වේදිකාවට ගෙන ආවේ පසුගියදා දෙහිඅත්ත කණ්ඩියේ රැස්වීමක සිටය. එහිදී ඔහු කියා සිටියේ කිරිපිටි විනාශකාරී බවත් තමා සෞඛ්‍ය ඇමැතිව සිටි කාලයේ දී කිරිපිටි සමාගම් වලට ගේට්ටුවෙන් ඇත
Reply : 0 1
Mahinda Wijekoon Monday, 18 February 2019 03:38 PM
GMOA එක තමයි දැන් ඇමතිලා පත් කරන්නේ. කවදද දොස්ටර මහත්තුරු පිටි කිරි සමාගම් වලට විරුද්දව කතා කලේ
Reply : 0 2
Dayan Monday, 18 February 2019 04:07 PM
ග්‍රාමසේවක කමක් ගන්න කියනවනම් මැනවි.
Reply : 0 0
Don Monday, 18 February 2019 05:03 PM
ඖෂධ මාෆියාවට උරදෙන දොස්තරලා රාජිතට කැමති නෑ.රාජිත නීතිගරුකව වැඩකරනව බලන් ඉන්න බැරිව අර හර්ද සාක්කියට වැඩකරනවා කියන ලොක්කාට සෞඛ්‍ය ඇමතිකම දෙන්නලු. පළාත්සභා මැතිවරණයට භයේ එකත් එයාටම දෙන්නලු.සුෆිම් උසාවි ගිහිල්ල තමයි නවතින්න වෙන්නේ.
Reply : 1 0
Nandana Tuesday, 19 February 2019 07:39 PM
හැම අමතිකමක්ම ජනදිපතිට ගන්න බැහැ/ පුලුවන්නම් කියපල්ලා දොස්තර කෙනෙකුත් වෙන්න කියල
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
