කෝවිඩ් දෙවන රැල්ලක් එන බවත් ඒ හින්දා තම පක්ෂයට ඡන්දය දෙන්න යැයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කර ප්‍රකාශයට අද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ප්‍රතිචාර දක්වා තිබේ.
පැල්මඩුල්ලේ අද (2) පැවති උත්සයකට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව පැවසීය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරිය,
රනිල් වික්‍රමසිංහ මහත්තයා කොවිඩ් 19 දෙවැනි රැල්ලක් එන හින්දා ඒක මර්දනය කරන්න එතුමන්ලාට බලය දෙන්න කියලා කියනවා. දැන් අපි දැක්කා එතුමන්ලා මේ පසුගිය ජන්ද ව්‍යාපාරයේදී එතුමන්ගේ වටේ තියෙන ආගමික සිද්ධස්ථාන වලට ගිහිල්ලා ඇවිද ඇවිද ඉන්නවා. මොකද එක්සත් ජාතික පක්ෂය කියන්නේ අද ඇවිදින මලමිණියක් වගේ මැරිච්ච පක්ෂයක්.
ඉතිං පසුගිය කාලේ රනිල් වික්‍රමසිංහ මහත්තයලගේ කෙරුවාවල් ගැන මේ රටේ මිනිස්සු දන්නවා. එතුමාට අපි කියන්නේ අර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තියෙන ජනාධිපති විමර්ෂන කොමිසමට ගිහිල්ලා එතන බංකුවකට වෙලා ඒ සාක්ෂි දෙන හැටි හොදට අහල බලන්න. එතකොට එතුමාට තේරෙයි එතුමන්ලා මේ රට කරන් ගියේ කොහොමද කියලා. ඉතිං මේ රටේ ජනතාව හොඳටම දන්නවා දැන් මාස දෙකක් තිස්සේ අපේ රටේ සමාජයේ කොවිඩ් 19 රෝගය කිසිම තැනක මතුවීමක් නෑ කියලා. මේ රටේ ජනතාව රනිල් වික්‍රමසිංහ මහත්තයලා ගැන හොඳටම දන්නවා. ඒ නිසා ලෙහලා බලපු මල්ල ඔබලා බලන්න අවශ්‍යතාවක් නැති බව මේ රටේ ජනතාව හොඳට තේරුම් අරගෙනයි ඉන්නේ.
