වර්ෂ 2009 සිට 2014 වර්ෂය දක්වා වූ වසර 05ක කාලය තුළදී වී අලෙවි මණ්ඩලය වෙත රුපියල් මිලියන 7152.95ක අලාභයක් සිදුව ඇති බවට වී අලෙවි මණ්ඩලයේ ප්‍රගති සමාලෝචන රැස්වීමකදී පසුගියදා අනාවරණය වී තිබේ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමේදී වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ උපාලි මොහොට්ටි මහතා පෙන්වා දී ඇත්තේ සෝමාලියාවට නොමිලේ සහල් සැපයීම, කිලෝවක් රුපියල් 42කට මිලට ගෙන තිබූ වී මෙට්‍රික් ටොන් විශාල ප්‍රමාණයක් කිලෝවක් රුපියල් 24 බැගින් සත්ත්ව ආහාර ලෙසපෞද්ගලික අංශයට අලෙවි කිරීමවැනි පසුගිය ආණ්ඩුව සමයේ ගෙන ඇති තීන්දු තීරණ රැසක් හේතුවෙන් මෙම අලාභය සිදුව ඇති බවයි.

මෙවර යල කන්නයේ දී වී මෙට්‍රික් ටොන් 20,000ක් මිල දී ගැනීම සඳහාරට පුරා අදාළ ප්‍රදේශ ආවරණය වන පරිදිවී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන 225ක් ඇරඹීමට වී අලෙවි මණ්ඩලය කටයුතු යොදා ඇති අතර,%PMB Rice^ නමින් සහන මිලකට සහල් අලෙවි කිරීමේ වැඩපිළිවෙළක් ඉදිරි මාස 02 තුළදී ක්‍රියාත්මක කිරීමටද නියමිතය.