සෙබළෙකුගේ බෑගයක් නිසා අපුරේ කලබලයක
අයිතිකරුවෙකු නොමැති සැකකටයුතු බෑගයක් අනුරාධපුර පොදු වෙළදපොළ තුළ කිසියම් අයෙකු දමා ගොස් ඇති බවට පැතිර ගිය තොරතුරක් හේතුවෙන් අද ( 23දා ) සවස අනුරාධපුර මාකට් පෙදෙසේ දැඩි කලබලකාරී තත්ත්වයක් ඇති විය.
වහා ක්රියාත්මක වූ පොලිස් නිළධාරීන් එම ස්ථානයට පැමිණ එම සැක කටයුතු බෑගය ආසන්නයේ තිබෙන වෙළදසැල් හා මාර්ග වසා දමා ජනතාව එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගත්තේය.
පසුව අනුරාධපුර උලුක්කුලම විශේෂ කාර්ය බලකා කඳවුරේ බෝම්බ නිශ්ක්රීය ආංශයේ නිළධාරීන් එම ස්ථානය පැමිණ, පැය කීපයක් තිස්සේ පොදු වෙළදපොලේ දමා තිබූ එම සැක කටයුතු බෑගය පරීක්ෂාවට ලක් කළේය.
පසුව එම බෑගය යුද හමුදා සෙබලෙකුගේ නිළ ඇදුම් සහිත ගමන් මල්ලක් බවට තහවුරු කර ගැණිනි. සියලු පරීක්ෂා කිරීම් අවසානයේ දී එම ස්ථානයට පැමිණි එම යුද හමුදා සෙබලා පොලිස් භාරයට ගැණුනු අතර පසුව රටේ පවතින වාතාවරණය පිළිබඳව එම සෙබලා දැනුවත් කිරීමෙන් අනතුරුව මුදා හැරීමට කටයුතු කර තිබුණි.
අනුරාධපුර චතුරංග


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
