සූර්යබලයෙන් 4800MW - සුළං බලයෙන් 3500MW වෙනුයෙන් කැබිනට් අනුමැතිය
වසර 2030 වනවිට පුනර්ජනනීය බලශක්ති දායකත්වය 70% ක් දක්වා වර්ධනය කිරීමේ ප්රගතිශීලී පියවරක් වශයෙන්, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් වෙනුවෙන් පුද්ගලික අංශයේද දායකත්වය ලබාගනිමින් නව ව්‍යාපෘති ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. ඒ අනුව ඉදිරියේදී ඒ වෙනුවෙන් යෝජනා කැදවීමට කටයුතු කරන බව සූර්යබල, සුලං සහ ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අවධාරණය කරයි.
මේ අනුව 50MW වඩා වැඩි පුනර්ජනනීය බලාගාර එනම් මහා පරිමාන සූර්ය, සුළං, ජලාශ මත ඉදි කරනු ලබන පාවෙන සූර්ය බලාගාර, නොගැඹුරු මුහුදු තීරයේ ඉදි කරනු ලබන සුළං බලාගාර වැනි පුනර්ජනනීය බලශක්ති යෝජනා ක්‍රියාත්මක කිරීම සදහා යෝජනා කැදවනු ලැබේ. පුනර්ජනනීය බලශක්තියෙන් රට බලගැන්වීමේ ව්‍යාපෘති හරහා දේශීය රැකියා අවස්ථා පුලුල් කිරීම, ආනයනික පොසිල ඉන්ධන මත යැපීමේදී සිදුවන ජාතික ධන හානිය එනම් දල ජාතික නිශ්පාදනයෙන් ඉන්ධන ආනයනය සදහා වැය කරන 25% ට වැඩි ජාතික ධනය ඉතිරි කිරීමේ උතුම් කර්තව්‍යය ඇතුලු සුවිශාල ජාතික මෙහෙයක් මෙමගින් මව් පොළවට ලැබෙනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
popular news
-
Kumar Thursday, 02 September 2021 08:24 PM
Hulung hamuwe nathinam hulunda. Mega watt hanna kiwwata wadak naha. Wasarakata labena giga watt ganana kiyanna onay. Oya anumatha karana eka samadama wage karanawa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

