සුලි සුළඟින් විනාශ වූ ගම්පහ දොරණාගොඩ ප්‍රදේශයේ නිවාස වලට රජයෙන් වන්දි මුදලක් ලබා දීමට පියවර ගැනේ. ඒ සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් ඉටු කරන ලෙස ඇමති ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් දුන්නේය.
පසුගිය 06 වනදා අලුයම ගම්පහ දොරණාගොඩ ප්‍රදේශයේ හමා ගිය දැඩි සුළඟිකින් නිවාස 30 කට පමණ බරපතල හානි සිදුව තිබේ. ඊට අමතරව දොරණාගොඩ රජ මහා විහාරස්ථානයට හා පාසලටද හානි සිදුව තිබේ. ගස් කඩා වැටීම හේතුවෙන් ප්‍රදේශයේ විදුලි බලයද ඇණහිට තිබේ.