රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමත් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ පාර්ලිමේන්තු ආසනය වෙනස් කර තිබේ.
ඒ අනුව රාජ්‍ය අමාත්‍ය ධුරය දරන සමයේ ඔහුට හිමිව තිබූ ආණ්ඩු පක්ෂයේ 29වැනි ආසනයේ සිට 71වැනි ආසනය දක්වා අසුන් කිහිපයන් පිටුපසට දමා ඇත.
සුසිල් ප්‍රෙම්ජයන්ත් මහතා මීට පෙර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කළේය.
රාජ්‍ය අමාත්‍යවරයෙකුව සිට ආණ්ඩුවේ ක්‍රියාමාර්ග විවේචනය කිරීම හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තිබෙන බලතල අනුව ඔහුව පසුගිය ජනවාරි 04වැනිදා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කළේය.
ඒ අනුව මෙලෙස සුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ පාර්ලිමේන්තු ආසනය වෙනස් කිරීමට කටයුතු කර තිබේ.