වඩුක්කෝට්ටේ, සුලිපුරම් ප්රදේශයේදී සිවනේෂන් රෙජිනා නම් කුඩා දැරිය ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්ඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඒ අනුවතවචෙල්වම් ඩේවිඩ් (18) හා සින්නරාසා සිවදර්ශන් (17) යන සුලිපුරම්හි පදිංචි සැකකරුවන් දෙදෙනෙක් මෙසේ අත්අඩංගුවට පත්ව ඇත. සැකකරුවන් අද (30දා) මල්ලාකම් මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර එක් සැකකරුවෙක් අත්අඩංගුවට අතර ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.