ශ්රී ලංකා ටෙස්ට් ක්රිකට් කණ්ඩායමේ නායකත්වයට පත්වූ සුරංග ලක්මාල් වෙත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ට්විටර් හරහා සුබපැතුම් එක්කොට තිබේ.
සුබපැතුම් එක්කරන හිටපු ජනාධිපතිවරයා, සුරංග ලක්මාල් යනු හම්බන්තොටින් බිහි වූ දක්ෂ ක්රීඩකයෙකු සහ ශ්රී ලංකාවට කීර්තියක් රැගෙන ආ ක්රීඩකයෙකු බවත් ඔහුගේ ඉදිරි ක්රීඩා දිවියට තමන් ආශිර්වාද කරන බවත් එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මීට අමතරව ශ්රී ලංකා ටෙස්ට් ක්රිකට් ඉතිහාසයේ වේගපන්දු යවන ක්රීඩකයෙකු කණ්ඩායමේ නායකත්වයට පත්වූ පළමු අවස්ථාව ලෙසද මෙය ඉතිහාසගත වීම සුවිශේෂීය.
