සුමන්ත්‍රිරන් හා ශ්‍රිධරන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බවට චෝදනා
ද්‍රවිඩ ජාතික සන්ධානයේ එම්. ඒ.සුමන්තිරන් සහ එස්.ශ්‍රීධරන් යන මන්ත්රිවරැන් ජිනිවා නුවරට ගොස් ශ්‍රී ලංකාවේ ඒකීයභාවයට විරැද්ධව අදහස් පළකිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වී තිබෙන බව මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද (21දා) පැවසීය.
මේ සම්බන්ධව ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමේ හැකියාව තිබෙන බවත්,ඒ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනවල අවධානය යොමුවිය යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මහජන එක්සත් පෙරමුණ විසින් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය බටහිර රටක විදේශ අමාත්‍යංශයක් ලෙස කටයුතු කරන බවත්,ලෝකයේ වෙනත් කිසිදු රටක මෙවැනි තත්ත්වයක් දැකිය නොහැකි බවත්ය.

popular news
-
rocky Saturday, 23 March 2019 07:41 AM
ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු වෙලාවේ කතා නොකළේ ඔහේගේ කටේ පිට්ටු හිරවෙලා තිබුනද? දැන් ඕක උල්ලංඝනය කරන එක ඔය අම්බරුවන්ගේ විනෝදාංශයක්. ඔහෙටත් ඕනා නම් උල්ලංඝනය කරලා බලනවා, ඊට පස්සේ මොන තරම් සැප සනීපයක් දැනෙනවද කියල!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

