සුඛෝපභෝගි බස් රථයක් ගිනි ගෙන දැවෙයි
දඹුල්ල හබරණ ප්රධාන මාර්ගයේ දිගම්පතහ ප්රදේශයේදී අද (8) දින අලුයම බස් රථයක් ගිනි ගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි සීගිරිය පොලීසිය පවසයි.
කුරුණෑගල ප්රදේශයේ ගරාජයක අලුත්වැඩියාව කින් පසු බස් රථය මඩකලපුව ඔට්ටමාවඩි ප්රදේශයට රැගෙන යමින් තිබියදී එක වරම ධාවනය වෙමින් තිබූ බස් රථයේ ගින්නක් හට ගැනීම නිසා බස් රථය දැවී ගිය බව හිමිකරු පැවසිය.
බස් රථය ඉදිරියට ධාවනය වෙමින් තිබියදී වෙනත් මාර්ගයේ ගමන් ගත් වාහන රියදුරෙකු බස් රථයේ පිටුපස ගින්නක් ඇති බව රියදුරට දැනුම් දීමත් සමග බස් රථය මාර්ගයෙන් ඉවත් කොට නවතා විනාඩි කිහිපයක් යද්දී එකවරම විශාල ගිනි ජාලාවක් ඇති වූ බව එහි රියදුරු සඳහන් කළේය.
රුපියල් ලක්ෂ 80කට වඩා වටිනාකමින් යුත් සුඛෝපභෝගී බස් රථයක් මෙසේ ගින්නෙන් විනාශ වී ඇතැයි සිගිරිය පොලීසිය පවසයි.
කෙසේ වෙතත් මෙම බස් රථය කාර්මික දෝෂයක් නිසා ගිනිගත්තද එසේත් නොමැති නම් වෙනත් කිසියම් සිද්ධියක් ඇති වූයේද යන්න පරීක්ෂණ පවත්වන බව සීගිරිය පොලීසිය පැවසිය. ගින්නෙන් බස් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.
දඹුල්ල - කාංචන ආරියදාස

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

