යාපනය විශ්වවිද්‍යලයේ සිව් වන වසර කළමනකරණ පීඨයේ සිංහල සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් සිසුන් දෙදෙනෙකු තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති තිබේ.
මෙලෙස තුවාල ලබා ඇත්තේ රවිඳු දිල්ෂාන් තිලකරත්න සහ සුලලිත සඳරුවන් ජයසූරිය යන සිසුන් දෙදෙනෙකි.
එම පීඨයේ සිසුන් දෙපිරිසක් ඊයේ (24දා) එල්ලේ ක්‍රීඩාවේ නිරතව ඇති අතර එහිදී ඇති වූ බහින් බස්වීමක් දුරදිග ගොස් ගැටුමක් හටගෙන ඇති අතර සිසුවෙකුට තියුණු ආයුධ ප්‍රහාරයක්ද එල්ල වී තිබේ.
තුවාලකරුවන් මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර අදාළ පහරදීම සම්බන්ධයෙන් කෝපායි පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
