සිලාවතුර වනය හෙළි කළේ ආරක්ෂක අංශයි - බදියුදීන්
සිලාවතුර ප්‍රදේශයේ වනය හෙළි කිරීම් කළේ ආරක්ෂක අංශ බවත් පසුව එහි මුල් පදිංචිකරුවන් සිය ඔප්පු පෙන්වා පදිංචි වූ බවත් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කළේය.
අද පාර්ලිමේන්තුවේදී අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. එම ප්‍රදේශවල කිසිම තැනක පිටස්තර පුද්ගලයන් පදිංචි කර නොමැති බවත්, විල්පත්තුවේ වනය හෙළි කිරීම ගැන විගනකාධිපති දෙපාර්තමේන්තුවේ වාර්තාව තමන් පිළි නොගන්නා බවත් ඔහු ප්‍රකාශ කළේය.
විල්පත්තු වන විනාශයක් යැයි කියමින් මේ වන විට පවතින කතිකාවත පසුපස වැල්ලවත්තේ දේශපාලඥයෙක් මෙන්ම තව ව්‍යාපාරිකයෙක්ද සිටින බව ඔහු සඳහන් කළේය.
ඒ හරහා මුස්ලිම් හා සිංහල ගැටුමක් ඇති කිරීමට උත්සාහ කරන බවත් ඔහු ප්‍රකාශ කළේය. තමන් වනය ආරක්ෂා කිරීම වෙනුවෙන් උපරිම සහාය දෙන බවද ප්‍රකාශ කළේය.

popular news
-
Champa Thursday, 04 April 2019 04:38 PM
විගණකාධිපති කියන්නේ පාර්ලිමේන්තුවට ඉහලින් ඉන්න අපක්ෂපාති නිලධාරියෙක්. ඔහුගේ වාර්තාව ආවට ගියාට නිකුත් කරන එකක් නෙමෙයි. ඒ වාර්තාව පිළිගන්න බැහැ කියන්න කාටවත් බැහැ. ඒක වලංගු වාර්තාවක්. ජනාධිපතිට බොරුවට අලුතින් පඩි ගෙවල හොර කමිටු දාන්න දෙයක් නැහැ. විගණකාධිපති කෙනෙක් ඉන්නේ රජයේ මුදල් වියදම් කිරීම ගැන විභාග කරන්න (auditing). රජයේ කටයුතු වල හරි වැරදි කියන්නේ විගණකාධිපති. ඒ නිර්දේශ තමයි ක්‍රියාත්මක කරන්නේ.
Reply : 0 0
ranjith Thursday, 04 April 2019 05:45 PM
විගන්කධි පති වාර්තාව පිළිගන්නේ නෙත්නම් මේ මනුස්සය පාර්ලිමේන්තුවෙන් නෙරපන්න කටුතු කල උතුය මේ රටේ උත්තරීතර ආයතන විහිලුවකට ලක්කරන කතා එහෙනම් රජයේ සේවකයන්ටත් විගණකාධිපති වාර්තා ගණන් නොගෙන ඉන්න පුඋවන් මේ වගේ තක්කඩි ආරක්ෂා කරන පක්ෂ වලට චන්දෙ දෙන එකත් ගොන් කමක්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

