සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය තමන්ව පක්ෂයෙන් පන්නා දැමූ නිසා එක්සත් ජාතික පක්ෂයට යාමට සිදු වූ බවත්, තම පවුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිතැති පවුලක් බවත් මහජන සම්බන්ධතා හා හා මහජන කටයුතු ඇමති මර්වින් සිල්වා මහතා පැවැසීය.
“අපේ පවුලේ කවුරුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පිට වැඩකරලා නෑ. සමහර අය කියනවා මම යූ.ඇන්.පියට ගියා කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මාව එළෙව්වාම, මට කියන්නෙ දේශපාලනය කරන්නෙ නැතිව ගෙදර යන්න කියලද?” යැයි මර්වින් සිල්වා ඇමතිවරයා පැවසීය.
හුණුපිටියේ පැවැති දේශපාලන රැස්වීමක් අමතමින් ඊයේ (09දා) අමාත්‍යවරයා ඉහත අදහස් ප්‍රකාශ කළේය.