අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවූ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අද දිනයේදී එක් සැකකරුවෙක් අද (29) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මඩකලපුව ප්‍රදේශයේ පිහිටි සියොන් දේවස්ථානයට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු මෙහෙයවූ ප්‍රධාන පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ, අද පස්වරුවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේය.
