සියලුම රජයේ සේවකයන්ට ජනවාරි සිට රු 5000ක දීමනාවක්
සියලුම රජයේ සේවකයන්ට ජනවාරි මාසයේ සිට රුපියල් 5000ක දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබුණ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියයි.
ඊට අමතරව සියලුම විශ්රාමිකයන්ටද මෙම රුපියල් 5000 දීමනාව හිමිවෙයි. සමෘද්ධි ලාභීන්ට ලබාදෙන රුපියල් 3500 දීමනාවට තවත් රුපියල් 1000ක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මුදල් අමාත්‍යාංශයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. මීට අමතරව සියලුම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධද සියලුම බදු වලින් නිදහස් කරන බව මුදල් අමාත්‍යවරයා පැවැසීය.
ගොවි ජනතාවගේ අස්වැන්න අඩුවුණොත් වන්දි ගෙවන බවට ජනපතිවරයා සහතික වූ බවත් අස්වැන්න අඩුවන ගොවීන්ට වී කිලෝවකට රුපියල් 25ක දීමනාවක් රජයෙන් ලබාදෙන බවත් අමාත්‍යවරයා පැවැසීය.
ඒ අනුව වී කිලෝවක් සඳහා රුපියල් 75ක සහතික මිලක් ගොවියට ලැබෙනු ඇති බවත් ඔහු පැවැසීය.
මීට අමතරව පර්චස් 20ට අඩු ගෙවතු වගා වෙනුවෙන් රුපියල් 5000ක් හා පර්චස් 20ට වැඩි අක්කරයක් දක්වා වගා කිරීමේදි රුපියල් 10000ක් ලබාදෙන බවත් මුදල් අමාත්‍යවරයා පැවැසීය.
වතුකම්කරු පවුලක් සඳහා තිරිඟු කිලෝ පිටි කිලෝ 15ක් රුපියල් 80 බැගින් ලබාදීමට තීන්දු කර ඇති බවත් සේවක අර්ථ සාධක අරමුදලේ ලියාපදිංචි සේවකයන්ට මෙය ලැබෙන බවත් ඔහු පැවැසීය.
popular news
-
Kumar Monday, 03 January 2022 04:32 PM
may mudal gavanna Cabralge mudal mudrnayanthraya nonawathwa wadakarawa athi. hariyata hotelen kaalaa passe bila gewanawawageyi.
Reply : 0 1
Manjula Tuesday, 04 January 2022 02:25 AM
අපේ රටේ ඉන්නෙ අර්ථ සාධක ලැබෙන රාජ්‍ය සේවකයෝ විතර ද?ස.එදා වේල හොයාගෙන ජීවිතේ ගැටගහන අසරණ මිනිස්සු ,ස්වයංරැකියා කරන අය,සංචාරක කර්මාන්තය කුලීරථ රියදුරන් ,ඇතුළු අනෙකුත් සමස්ථ ජනතාවටම දැනෙන සහනයක් දුන්නා නම් තමා හොද..රාජ්‍ය සේවකයෝ වගේම අනිත් අයත් මනුෂ්‍යයෝය...
Reply : 0 1
PIYUMIKA Wednesday, 05 January 2022 05:35 AM
RAJAYE SEWAKAYO WITHRADA LANKAWE JEEWATH WENNE. PAUDGALIKA ANSHA NADDA.EDA WEELA HAMBA KARANA UN NADDA. DAWASE KULIYA HOYAGENA WEELAK AERA WELAK KANA MINISSU NADDA. AI MINISSUNTA SERIN SERE SAHANA DENNE..MINISSUNTA SAHANA DENA NISAI RATE LOKU PUTUWALA INNA UN HEMA ATHIMA DIYUNU WELA RATE DUPPATH MISISSUNTA AAYE AAYE SAHANA GANNA WENNE... SAHANA NOWE RATE AARTHIKAYATA GELAPENNA MISINNUNGE AAARTHIKE HADNNA. ETHKOTA MINISSUNTA DENAKM BALAN INNA ONI NA.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

