සිග්නල් ජෑම් කිරීම ප්‍රායෝගික නෑ
ජංගම දුරකථන මගින් සිදුකෙරෙන විභාග වංචා වැළැක්වීම සඳහා අදාළ මධ්‍යස්ථාන පරිශ්‍රයන් තුළ ‘සිග්නල් ජෑම්’ කිරීම (අවහිර කිරීම) ප්‍රායෝගික නොවන බව විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂ සිරිකොත මූලස්ථානයේදී අද (30දා) පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසීය. මෙහිදී ඔහු පෙන්වා දුන්නේ සිසුන්ගේ ශරීර පරීක්ෂාවක් සිදුකර විභාග ශාලාවට ඇතුළු වීමට සැලැස්වීම වඩා යෝග්‍යතම ක්‍රමය වන බවයි.
ජංගම දුරකථන හරහා සිදුවන විභාග වංචාවන් වැළැක්වීම සඳහා විභාග මධ්‍යස්ථාන අවට ප්‍රදේශයේ ‘සිග්නල් ජෑම්’ කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවත්, ඒ පිළිබඳ අමාත්‍යවරයාගේ අදහස කුමක්දැයි යන්නත් පිළිබඳව මාධ්‍යවේදීන් විමසූ පැණයකට පිළිතුරු දෙමින් හරීන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසීය.

popular news
-
Champa Monday, 30 July 2018 06:28 PM
මොකොද නැත්තේ. ඒක තමයි හොඳම විදිය දරුවන්ගේ අනාගතේ අවුල් නොකර කරන්න තියෙන්නේ. එතකොට ළමයි දන්නවා විභාග ශාලාවේ හොර කරන්න බැහැ කියලා. ළමයි විතරක් නෙමෙයි සමහර ළමයින්ගේ දොස්තර තාත්තලත් දන්නවා. එක දොස්තර තාත්ත කෙනෙක් තමයි ටියුෂන් ගුරුවරයාට සල්ලි දීල මොබයිල් එක හරහා දරුවට විභාග වංචාවක් කරන්න උගන්නල අහු වුනේ. අර දරුවට ජීවිත කාලෙටම ආයේ විභාග වලට ලියන එක තහනම් වුනා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

