සිංහරාජ රක්ෂිතයේ දැනට ඉතිරි වී සිටින වනඅලි දෙදෙනා රැඳවීම සඳහා වන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට අදාළ කලවාන දොලේකන්ද පාරුගල ප්‍රදේශයේ බිම් කොටසක් පවරා ගැනීමට වන යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
එම වනඅලි දෙදෙනාට ගැළපෙන පාරිසරික තත්ත්වයන් සහිත කලවාන දොලේකන්ද ග්‍රාම නිලධාරි වසමේ පාරුගල ප්‍රදේශයේ පිහිටි හෙක්ටයාර 36ක පමණ භූමි ප්‍රදේශයක් පවරා ගැනීම පිණිස තිරසර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව ඇත.
පසුගිය දිනවල සිංහරාජ රක්ෂිත අවට ජනතාවට සිදු වූ ජීවිත හානි හා දේපළ හානි සහ අලි දෙදෙනාගේ ජීවිත පිළිබඳ ජනතාව අතර දැඩි ආන්දෝලනයක්ද ඇතිවිය.

රජයේ නිල පුවත් වෙබ් අඩවිය ඇසුරිනි