ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමත් සමග ශ්‍රී ලංකාවේ ආයෝජන අවකාශ වැඩි කිරීමට කටයුතු කරන බව සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී ශින් ලූං මහතා පැවසීය.
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ශ්‍රී ලංකා දූත පිරිස වෙත අද (09දා) දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමූ අවස්ථාවේ සිංගප්පූරු අග්‍රමාත්‍යවරයා තවදුරටත් පෙන්වා දුන්නේ දැනට සිංගප්පූරුව තුළ ආයෝජන සිදු කරන වෙනත් විදේශීය ව්‍යවසායකයන්ද ශ්‍රී ලංකාවේ ආයෝජනයට උනන්දු කරවීමේ අවස්ථා මෙම ගිවිසුම ඔස්සේ උදාවන බවය.
නිදහස් වෙළෙඳ ගිවිසුම ඔස්සේ නව තාක්ෂණය, දැනුම හා රැකියා අවස්ථා වැඩි වැඩියෙන් ශ්‍රී ලාංකිකයන්ට ලබා ගැනීමට හැකි වන බවද මෙහිදී අවධාරණය කෙරිණි.
ආර්ථික, පරිපාලන හා සමාජයීය ක්ෂේත්රයන්හිදී දෙරට සමීපව කටයුතු කිරීමෙන් දෙරටටම වාසිදායී අවස්ථා නිර්මාණය කර ගත හැකි බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

