සිංගප්පූරු ගිවිසුම ගැන සොයන්න ජනපතිගෙන් කමිටුවක්
ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ විශේෂ අධ්‍යයනයක් සිදුකොට වාර්තා කිරීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් ස්වාධීන විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කොට තිබේ.
මෙම ගිවිසුම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් ජනාධිපතිවරයා වෙත ලැබී ඇති අදහස් සලකා බලමින් ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව පත් කර ඇත.
කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, විශ්‍රාමලත් ආර්ථික විද්‍යා මහාචාර්ය දේශමාන්‍ය ඩබ්ලිව්.ඞී. ලක්ෂ්මන් මහතා එම කමිටුවේ සභාපතිවරයා ලෙස පත්කර තිබෙන අතර, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්ය සිරිමෙවන් කොළඹගේ, කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්ය අජිතා තෙන්නකෝන්, ස්වාධීන උපදේශක ආචාර්ය සනත් ජයනෙත්ති, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු සහකාර අධිපති ආර්.ඒ. ජයතිස්ස යන මහත්වරුන් එහි සෙසු සාමාජිකයෝ වෙති.
ඒ අනුව ශ්‍රී ලංකා - සිංගප්පුරු වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් විශේෂ අධ්‍යයනයක් සිදුකිරීමටත්, යෝජිත නව වෙළෙඳ ප්‍රතිපත්තියේ ප්‍රායෝගික බලපෑම් හා භාවිතයන් ද, ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ වෙළෙ`ද ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය මගපෙන්වීම සඳහා වූ නිර්දේශ ලබා ගැනීමටත් එමගින් අපේක්ෂිතය.
එසේම මෙම ගිවිසුම තුළින් ශ්‍රී ලංකාවේ විවිධ සේවා සපයන අංශ කෙරෙහි මෙන්ම ශ්‍රී ලංකාවේ සාමාජිය හා ආර්ථික තත්ත්වය සහ ජනතාවගේ ජීවන තත්ත්වය කෙරෙහි වන බලපෑම අධ්‍යයනය කිරීමත් කමිටුවේ විෂය පථයට අයත් වේ.
මෙම කමිටුව වෙත තම යෝජනා හා අදහස් ඉදිරිපත් කිරීම සඳහා සියලුම පාර්ශ්වයන් වෙත විවෘතව ඉඩ සලසා දී තිබේ.
විශේෂඥ කමිටුවේ කාර්යභාරයෙහි ප්‍රගතිය වරින්වර අතුරු වාර්තා මගින් ජනාධිපතිවරයා විසින් සොයා බැලීමට කටයුතු කරනු ලබන අතර, අවසන් වාර්තාව මාස දෙකක් ඇතුළත භාරදීමට නියමිතය.
popular news
-
Deepal Nirosh Saturday, 11 August 2018 05:34 PM
ඕවා කරන්න තිබුණෙ ගිවිසුම ගහන්න කලින්. දැන් අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වහන්න හදනවා. අනේ මෙහෙම වංචාවක්..
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

