හොර රහසේ සිංගප්පූරුව සමග අත්සන් කර තිබෙන වෙළෙඳ ගිවිසුමට කැබිනට් අනුමැතියවත් හිමිවී නොමැති බවට හෙළිවී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
නවසීලන්ත ජාතිකයෙකු විසින් සකස් කළ කෙටුම්පතකට අනුව මෙම වෙළෙඳ ගිවිසුම අත්සන් කර තිබෙන බවත්, මේ නිසා වාර්ෂිකව රටට රුපියල් බිලියන ගණනක් අහිමි වී යන බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද (20දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
සිංගප්පූරු ගිවිසුම අත්සන් කිරීමට පෙර කෙටුම්පතක් මෙම වසරේ ජනවාරි මාසයේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන බවත්, එහෙත් එයට කැබිනට් අනුමැතිය හිමිවී නොමැති බවට මේ වන විට හෙළිවී තිබෙන බවත් හෙතෙම මෙහිදී සඳහන් කළේය.
මේ නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ පිළිබඳව සොයා බලා වහාම අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතු බවද හෙතෙම වැඩිදුරටත් මෙහිදී පවසා සිටියේය.
