සැහැල්ලු දුම්රිය පද්ධතියේ පළමු ණය වාරිකය ලැබෙයි
ශ්‍රී ලංකාවේ පළමුවරට ඉදිකිරිමට යෝජිත සැහැල්ලු දුම්රිය පද්ධතිය සඳහා ජපාලනය ලබාදෙන සහන ණයට අදාළ පළමු වාරිකය නිකුත් කිරිමට ගිවිසුම් අත්සන් කර තිබේ.
ඒ අනුව ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක සමස්ත ණයෙන් ඩොලර් බිලියන 270ක් (රුපියල් බිලියන 48.6) ක් සඳහා මෙසේ ගිවිසුම් අත්සන් කර තිබේ.
කොළඹ නගරයේ පවතින අධික රථවාහන තදබදය අවම කිරිමට අදාළව කොළඹ කොටුවේ සිට මාලඹේ දක්වා බත්තරමුල්ල හරහා මෙම සැහැල්ලු දුම්රිය මාර්ගය ඉදිකිරිමට යෝජිතය.
කිලෝමීටර් 15.7ක දිගකින් යුත් මෙම දුම්රිය මාර්ගයේ දුම්රිය නැවතුම් ස්ථාන 16ක් පවතී. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා මහතා හා මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය එස්. සමරතුංග මහතා මෙම ගිවිසුම් සඳහා අත්සන් තැබීය.
popular news
-
Champa Monday, 11 March 2019 07:18 PM
හොඳයි වැඩේ. ඇමරිකන් ඩොලර් මිලියන් 1.8ක් කිලෝ මීටර් 16 ක් වගේ කුඩා දුරකට. මේක මේ අතවශ්‍ය ව්‍යාපෘතියක් කරන්න ණයක් ගන්නවා නෙමේ. අනවශ්‍ය ණයක් ගන්න අනවශ්‍ය ව්‍යාපෘතියක් කරන්න යාමක්. ගිය ආණ්ඩුවත් ඕ වගේ ව්‍යාපෘති කරලා තිබුන. ඒවා විවේචනය කර කර මේ ගොල්ලෝ ඊටත් වඩා හුඟක් එහාට ගිහින් හිතු මතේ ණය ගන්නවා හරියට තමන්ට රට ලියල දීල වගේ. තව මාස කීයද තියෙන්නේ. මේ ණය ගන්නේ මේක කරන්න බැරි බව හොඳටම දැන දැන.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
