සැරයන්වරයෙකු ඝාතනය කළ චීවරධාරියෙක් අත්අඩංගුවට
පොලිස් සැරයන්වරයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අද (10දා) රත්නපුර, ගල්කන්ද ප්‍රදේශයේ විහාරස්ථානය චීවරධාරියෙකු අත්අඩංගුවට ගත් බව රත්නපුර පොලීසිය පවසයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ රත්නපුර පොලීසියේ වරෙන්තු අංශයේ සේවය කරමින් සිටි සමරවික්‍රම නමැති පොලිස් සැරයන්වරයෙකි.
අදාළ පොලිස් සැරයන්වරයා අධිකරණ වරෙන්තු කිහිපයක් තිබූ සැකකාර චීවරධාරියා හමුවීමට අවස්ථා කිහිපයකදී රත්නපුර, ගල්කන්ද ප්‍රදේශයේ විහාරස්ථානය ගොස් තිබුණද, සැකකරු විහාරස්ථානයේ සිට නොතිබිණි.
මේ අතර, අද (10දා) අදාළ පොලිස් සැරයන්වරයා විහාරස්ථානයට ගොස් සිටි අවස්ථාවේදී සැකකාර චීවරධාරියා ඔහුගේ ගෙල සිරකර තිබේ.
පසුව මේ පිළිබඳ ප්‍රදේශවාසීන් විසින් රත්නපුර පොලීසියට කරන ලද දැනුම් දීමක් අනුව පොලීසිය පැමිණ අසාධ්‍ය තත්ත්වයෙන් වැටී සිටි පොලිස් සැරයන්වරයා රත්නපුර මහ රෝහළට ඇතුළත් කර තිබූ අතර, එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත
අත්අඩංගුවට ගත් සැකකාර චීවරධාරියා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
බළන්ගොඩ - අරුණ දර්ශන

popular news
-
සුජිත් . Tuesday, 10 July 2018 05:16 PM
නියම මාධ්‍ය භාවිතය . මොනවා හරි වරදකට හසු වෙනකම් " අහවල් පන්සලේ හිමිනම ". වරදකට හසු වීමෙන් පසු " අහවල් පළාතේ චිවරධාරියෙක් " . ඔහොම යං ඔහොම යං ....
Reply : 0 1
rocky Wednesday, 11 July 2018 07:14 AM
බුදු අම්මෝ, බුද්ධ පුත්‍රයන්ට ඔහොම අපහාස කොරන්න එපා!
Reply : 0 0
rocky Wednesday, 11 July 2018 11:37 AM
සුජිත් මහත්තයෝ, මාධ්‍ය මහත්තුරු මොනවා කරන්නද ? ලඟදි අර නායක හාමුදුරු කෙනෙකුත් කියල තිබුන නම් තමයි , බුද්ධු පුත්‍රයන්ට චීවරධාරීන් කියල අපහාස කරන්න එපාය කියල. එත් ඉතින් අපරාධ චෝදනා ලබන උන්ට බුද්ධාපුත්රයන කියල කියන්න බවුද්ධයන් හැටියට අපට බැහැනේ. එහෙමත් බවුද්ධයෝ නම් ඇති එත් අපට බැහැ! "චීවරය දරන හැම කෙනෙකුටම" චීවර ධාරියා කීමේ වරදකුත් පෙනෙන්නේ නැහැ!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

