සැකකරුවෙක් මිය යෑම ගැන පොලීසියේ 2කගේ වැඩ තහනම්
පානදුර උතුර පොලීසිය කළ ජංගම මුර සංචාරයකදී සංචරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වත්තපොල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් අවුරුදු 48ක් පුද්ගලයෙකු මිය යෑම සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ හා පොලිස් සැරයන්වරයෙකුගේ සේවය අත්හිටුවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
සැකකරු ජීප් රථයෙන් පොලිස් ස්ථානයට වෙත රැගෙන ඒමේදී ඇතිවූ සිද්ධියකදි තුවාල ලබාපානදුර රෝහලට ඇතුළත් කර තිබේ.
ඊයේ සවස් කාලයේදී ඔහුට ඇප ලබාදීමක් සිදුකර තිබුණත් ඇප ලබා සිටියදීම ඔහු මියගොස් තිබේ.
මේ පිළිබඳව උප පොලිස් පරීක්ෂකවරයා හා පොලිස් සැරයන්වරයා ප්‍රකාශ කර ඇත්තේ ධාවනය වෙමින් පැවැති රථයෙන් සැකකරු බිමට පැනීම නිසා මෙම අනතුර සිදුවී ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයේන පොලිස් අධිකාරීවරයෙකුගේ හා සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ දෙකක් පැවැත්වෙන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගේ ආරක්ෂාව තහවුරු වන ලෙස කටයුතු නොකිරීම හේතුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ සේවය අත්අහිටුවූ බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                