සාලියවැව දැරිය සොයා තවමත් පරික්ෂණ
සාලියවැව නිලබැම්ම ඕලුමඩු ගම්මානයේදි අතුරුදහන් වු සිවු හැවිරිදි දැරිය අතුරුදහන් වි අද දිනට ( 10 ) දින 12ක් ගතවි තිබුණද කිසිදු හොඩුවාවක් සොයා ගත නොහැකි වි ඇත.
නමුත් පොලිස් පරික්ෂණ නොකඩවා සිදුවන බව පුත්තලම කොට්ඨාස භාර පොලිස් අධිකාරි ජේ.ජ්. චන්ද්‍රසේන මහතා පැවසිය .
ඩබ්ලියු .ජි. තෙනුරි තිසාරා නැමති සිවු හැවිරිදි මෙම දැරිය පසුගිය 30 දින උදෑසන සිය නිවසේ සිටියදි අතුරුදහන් වි තිබුණි.
පසුව එම සිද්ධිය සම්බන්ධයෙන් සාලියවැව පොලීසිය මගින් අත්අඩංගුවට ගත් දැරියගේ මව විසින් පොලීසියට පාපොච්චාරණයක නිරත වෙමින් පවසා තිබුණේ තමන් විසින් දැරියට පහර දිමෙන් පසුව සිහි නොමැතිව සිටි දැරිය කලාඔයට දැමු බවය.
නමුත් එම පාපොච්චාරණය සනාථ කර ගැනිමට නොහැකිවිම මත දිගින් දිගටම පොලිස් කණ්ඩායම් සහ ජනතාව දැරිය සොයමින් පරික්ෂණ අරඹා තිබෙන බව පවසයි.
ජනතාව පවසන්නේ දැරිය මරා දැමු බවට පවසන සැකකාර මම විසින් මෙම දැරිය කලාඔයට විසිකර දැමුවා නම් ඇගේ කිසියම් සලකුණක් හෝ ඉතිරි විම සිදුවන බවයි .
නමුත් මේ ආකාරයට කිසිදු තොරතුරක් නොවිම ගැන ජනතාව පවසන්නේ මෙම දැරිය ඇගේ මව විසින් කවුරුන්ට හෝ රුගෙන යන්නට දුන්නාද නැතිනම් වෙනත් කිසිවකු මෙම දැරිය මරා දැමුවාද යන්න පිළිබදව ප්‍රශ්න මතුවන බවයි .
දැනට බන්ධනාගාර ගතව ඇති දැරියගේ මව විසින් පසුගිය 8 දින පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමේන් පසුව ප්‍රධාන මහෙස්ත්‍රාත් හමුවේ විශේෂ ප්‍රකාශයක් ලබා දිමට අවශ්‍ය බවට පවසා තිබුණි. එම ප්‍රකාශය රහස්‍ය ප්‍රකාශයක් වන අතර එය සවස 3.05 සිට 4.20 දක්වා කාලයක් ලබා දිම සිදුව තිබුණි.

popular news
-
Champa Sunday, 10 February 2019 04:32 PM
ප්‍රකාශය රහස්‍ය වෙන එක කමක් නැහැ කියපු කතාව ඇත්ත නම්. නමුත් දරුවට ගහල සිහි නැතිවුනහම ගඟට වීසි කරලා දැම්මේ කොතනින්ද කියන එක හරියට දැන ගන්න එපාය. මේ අම්ම දවස් ගානක් ගම්මුන්වයි පොලීසියයි නොමඟ යැව්වා දරුවා ගැන බොරු කියා කිය. මේ දරුවාගේ සීයවත් ඔය විදිහට මරල ගඟට දැම්මලු කියලා පත්තරේ තිබුන. ඒ මිනියත් හම්බ වෙච්ච නැති නිසා මරපු මිනිහ දැන් ඇප පිට ගෙදර ඇවිල්ල හිටියලු. කේන්ති ගිහින් ගැහැව්වා නම් දරුවා සිහි නැති වුනහම ඕනේ අම්ම කෙනෙක් හදන්නේ දරුවට සිහිය ගන්න මිසක් සිහි නැති දරුවාව පන පිටින් ගඟට වීසි කරන්න නෙමෙයි. ඇත්තටම කිව්වොත් මේ කතාව අහන කොට ඇඟත් හිරි වැටෙනවා. මේ දරුවා මරල තියෙන්නේ සැලසුම් කරලා කියල හොඳට තේරෙනවා. කෙනෙක් මරණ එකයි ඊට පස්සේ හැසිරෙන එකයි අතරේ සම්බන්ධයක් තියෙනවනේ. දරුවා මරපු එක ගැන මේ ගෑනිගේ හිතේ කිසිම පසුතැවිල්ලක් දුකක් නැහැ කියන එක හොඳටම පෙනුන. අපරාධයක තියෙන භයානක කම ඒක. වැරැද්දක් කරත් සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය තමයි ඒ ගැන පසු තැවෙන එක. එහෙම නොවෙන අපරාධකරුවෝ භයානකයි. එමොකොද කිව්වා නම් ඔවුන් නැවත නැවත ඒ වැරැද්දම කරන්න පෙළඹෙන නිසා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
