සාගර කාරියවසම්ට ගම්මන්පිල පිළිතුරු දෙන්න යයි
තෙල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් වගකීම භාරගෙන විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවක් කැඳවා තිබේ.
මෙම මාධ්‍ය හමුව අද පස්වරු 2.00ට බලශක්ති අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතව තිබේ. පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමූ අතර ඒ සම්බන්ධයෙන් රජයට දැඩි විවේචනයක් එල්ල විය.
ඉන් අනතුරුව සාගර කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේ ගම්මන්පිල මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

RELATED ARTICLES
popular news
-
Deepal Nirosh Monday, 14 June 2021 10:26 AM
මෙතුමා ඉතා සාර්ථකව පිළිතුරු දුන් බව රටේ ජනතාව දැක්ක විතරක් නොවෙයි මෙතුමා 100%ක් නිවැරදි බවත් ජනතාව පිළිගන්නවා. හැබැයි මෙතුමා සහ සාගර දෙදෙනාම නඩුකාරයින් නොව තෝල්කයින් පමණක් බව දෙදෙනාම අවබෝධ කර ගත්තා නම් තමා හොඳ. ඒ නඩුකාරතුමා 23දා ලංකාවට ආවට පස්සෙ බලමු.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

