අපේ රටේ පරිසරයට විශාල හානියක් සිදු කළ සැෂේ පැකට් හා නොදිරණ ලන්ච්ෂීට් තහනම් කිරීම රටේ පාරිසරික වශයෙන් ලත් සුවිශාල ජයග්‍රහණයක් බවත් මේ සම්බන්ධව සිදුකළ පසුවිපරමකදී වෙළෙඳපොළේ සැෂේ පැකට් අලෙවිය හෝ නිෂ්පාදනය සිදුනොවන බවට තහවුරු වී ඇති බවත් නොදිරණ ලන්ච්ෂීට් අලෙවි නොකරන බවත් ඔහු පැවැසීය
“අපේ රටේ ජනතාව වසරකට රුපියල් කෝටි 96ක සැෂේ පැකට් පාවිච්චි කළා. රුපියල් කෝටි 96ක සැෂේ පැකට් කියන්නේ ප්‍රමාණයෙන් බැලුවොත් බිලියන ගණනක්. ඒ වගේම පොලිතීන්වලින් නිෂ්පාදිත නොදිරණ ලන්ච්ෂීට් මිලියන 15ක් එක් දිනක් තුළ අපේ පරිසරයට බැහැර කළා. ඒ කියන්නේ අවුරුද්දකට ලන්ච්ෂීට් මිලියන 5475ක්. මේ සියල්ලම එක්වරක් පමණක් භාවිතා කරන දේවල්. දැන් මේ නිෂ්පාදන දෙකම මම තහනම් කළා. ඒ නිසා දැන් ඒවා පරිසරයට එක්වන්නේ නැහැ. මම හිතන්නේ වත්මන් රජය විසින් මෙම පාරිසරික හානිදායක දේවල් තහනම් කිරීම ඉතාමත් හොඳ තීරණයක්.
සැෂේ පැකට් වර්තමානයේ ගෝලීය අර්බුදයක් දක්වා වර්ධනය වී තිබෙනවා. ලෝකය පුරා බෙදාහරින සැෂේ පැකට් ප්‍රමාණය බිලියන 885ක්. එක් බහුජාතික සමාගමක් පමණක් වසරකට සැෂේ පැකට් බිලියන 40ක් නිෂ්පාදනය කරනවා. ඒ වගේම තමයි ආහාර එතීම සඳහා ලන්ච්ෂීට් භාවිතා කරන ලෝකයේ එකම රට අපේ රටයි. දිනකට අපේ රටේ ලන්ච්ෂීට් මිලියන 15ක් පරිසරයට බැහැර කරනවා. එම ප්‍රමාණය වසරකට ගණන් බැලුවහොත් ලන්ච්ෂීට් මිලියන 5475ක්.
පසුගිය දිනවල මාධ්‍ය මගින් අම්පාරේ කැළිකසල බැහැර කරන ස්ථානයක වන අලි මරණයට පත්වීම ගැන පුවතක් පළ වුනා. මහාසාගරයත් දැන් අම්පාරේ කැළිකසළ කන්දට දෙවැනි නැහැ. මහාසාගරයේ මාළුන්ට වඩා දැන් තියෙන්නේ ප්ලාස්ටික්. මේ සියල්ලම මිනිසුන්ගේ ක්‍රියාකාරකම්. නැතුව වෙන කවුරුවත් ගෙනැවිත් බැහැර කරන දේවල් නොවෙයි. පරිසර හිතකාමී යම් තීරණයක් ගතහොත් එම තීරණය අගයන්නේ සුළු පිරිසක්. තවත් පිරිසක් ඒක නිර්දය ලෙස විවේචනය කරනවා.
ලන්ච්ෂීට් , සැෂේ පැකට් තහනම වගේම ඉදිරියේ දී අපි ෂොපිං බෑග් තහනමත් ක්‍රියාත්මක කරනවා. විකල්ප තිබුනත් නැතත් එම තහනමත් අපි ගෙන එනවා. ප්‍රධාන වෙළෙඳ ජාල දෙකක් මගින් පමණක් වසරකට ෂොපිං බෑග් කෝටි 02ක් පරිසරයට මුදා හරිනවා. පරිසරයට හානි කරන මේ සියල්ල වළක්වා නොගතහොත් අපේ රටේ දරුවන්ගේ අනාගතය අඳුරු වේවි. ආශ්වාස කරන්න පිරිසිදු වාතය හෝ පානය කරන්නට පිරිසිදු ජලය බිඳක් හෝ සොයා ගන්නටඅ පහසු තත්ත්වයක් උදා වේවි.”