සාක්ෂිකරුගේ මරණය පිළිබඳ පරීක්ෂණ අරඹයි
නවගත්තේගම නවෝද්‍යා විද්‍යාලයේ ගුරුවරියක දණ ගැස්වීමේ සිද්ධියේ සිවුවැනි සාක්ෂිකරුවකු වූ පුණ්‍යසේන බණ්ඩාර මහතා මහතා අභිරහස් ලෙස මියයාමේ සිද්ධිය පිළිබඳව පුළුල් පරික්ෂණයක් වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතාගේ උපදෙස් මත ඉහළ පොලිස් නිලධාරීන් පිරිසක් සමග විශේෂ අපරාධ විමර්ශන නිලධාරීන්ගෙන් සැදුම් ලත් 30 කට ආසන්න කණ්ඩායම් 5 ක් අද (3 දින) සවස වන විට රාජකාරි ආරම්භ කර තිබුණි .
මෙම පරික්ෂණ කණඩායම් භාරව කටයුතු කිරීමට වයඹ නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර මහතා පත්කර ඇති අතර, ඔහුගේ අධික්ෂණයෙන් පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සඳුන් ගහවත්ත මහතාගේ මෙහෙයවීමෙන් පුත්තලම 1 සහකාර පොලිස් අධිකාරි ඊ.එස්. දයාරත්න, නිකවැරටිය සහකාර පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ යන මහත්වරුන් සමග පුත්තලම, කුලියාපිටිය, හලාවත, නිකවැරටිය, යන ස්ථානවල විශේෂ අපරාධ විමර්ශන අංශවල කණ්ඩායම් 5කින් සැදුම්ලත් නිලධාරීන් 30 දෙනෙකු යොදවා තිබෙන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

