පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලක සභාව හා විශ්වවිද්‍යාල සිසුන් සමග පවත්වන සාකච්ඡා සාර්ථක වුවහොත් විශ්වවිද්‍යාලය ඉතා ඉක්මනින් නැවත ආරම්භ කිරීමට කටයුතු කර බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් බී දිසානායක මහතා පවසයි.
සිසුන් සමග පැවැති සාකච්ඡා වට කිහිපයක් ඇරඹූ බවත් එම සාකච්ඡා සාර්ථක මට්ටමේ ඇති බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.
උපකුලපතිවරයා මේ බව පැවසුවේ, විශ්වවිද්‍යාලයේ පැන නැගි ඇති ගැටලුකාරි තත්ත්වය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය දුරස්ථ අභ්‍යාස ආයතනයේදී අද (02දා) පැවැති මාධ්‍ය හමුවේදීය.
විශ්වවිද්‍යාලය වසා දැමීමට ප්‍රධානව කාරණා තුනක් මුල්වූ බවද හෙතෙම සඳහන් කළේය.
චමිල් රූපසිංහ
