අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග පැවැත්වෙන සාකච්ඡාවේදී ගැටලුවලට විසඳුම් නොලැබුනහොත් අද (30දා) මධ්‍යම රාත්‍රී 12 සිට පැය 48ක කාලයක් සේවයෙන් ඉවත්ව සිටින බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිතිය සන්ධානය සඳහන් කරයි.
දුම්රිය ස්ථානාධිපති පාලක එන්ජින් රියදුරු නියාමක හා අධීක්ෂණ සේවාවල නිරත පිරිස්වලට ඇති වී තිබෙන වැටුප් විෂමතා ඉවත් කිරීමට කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් අනුමත කර තිබෙන බවද එම සංගමයේ සම කැදවුම්කරු ලාල් ආරියරත්න මහතා සඳහන් කළේය.
කැබිනට් පත්‍රිකාව සම්මත කර මාස ගණනාවක් ගත වුවත් මෙතෙක් එය ක්‍රියාත්මක කර නොමැති බවත් මේ නිසා මෙම වැඩවර්ජනය සිදුකරන බවද හෙතෙම පවසා සිටියේය.
අදාළ ගැටලු පිළිබඳව සාකච්ඡාවකට පැමිණෙන ලෙසට අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෘත්තීය සමිතිවලට දැනුම් දී තිබෙන බවත් මේ අනුව අද (30දා) දහවල් මේ පිළිබඳව සාකච්ඡා කරන බවද ඒ මහතා කියා සිටියේය.
සාකච්ඡා අසාර්ථක වුවහොත් පැය 48ක කාලයක් සේවයෙන් ඉවත්වන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
