ස්නායු ශල්‍ය වෛද්‍යවරයාට පහර දුන් තවත් සරසවි සිසුවෙක් අත්අඩංගුවට
පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී අනුරාධපුර මහ රෝහලේ සේවයේ නියුතු ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ යොහාන් කෝරළගේ මහතාට පහර දුන් බවට සැක කරන ශාස්ත්‍ර පීඨයේ තවත් සිසුවෙකු අද (20දා) අත්අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලීසිය පවසයි.
සැකකාර සිසුවා හෙට (21දා) හඳුනාගැනීමේ පෙරැට්ටුවක් සඳහා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම පහරදීමේ සිද්ධියට සම්බන්ධව පේරාදෙණිය පොලීසිය මගින් මීට පෙර අත්අඩංගුවට ගත් ශාස්ත්‍ර පීට සිසුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කළ අතර, තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ඇති බවට පසුගියදා (16දා) අධිකරණයට දැන්වීමත් සමග එම සැකකාර සිසුන් දෙදෙනා ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් ඉන්දික අත්තනායක මහතා නියෝග කළේය.
මෙම වෛද්‍යවරයාට පසුගිය 03 වැනිදා සිය මෝටර් රථය අවශ්‍යතාවක් සඳහා හිල්ඩා ඔබේසේකර ශාලාව අසල නවතා තිබියදී විශ්ව විද්‍යාල සිසුන් ඔහුට පහරදී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ලක් මත සැකකාර සිසුන් අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
චමිල් රූපසිංහ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
