සහල් ආනයනය කිරිමට ඉඩදෙන්නැයි සහල් වෙළදුන් රජයෙන් ඉල්ලිමක් කරයි
සහල් මෝල් හිමියන් තවදුරටත් පවත්වාගෙන යන එකාධිකාරය බිඳ හෙළිමට සහල් ආනයනය කිරිමට රජය පෞද්ගලික අංශයට අවසර ලබා දිය යුතු බව හැටන් ප්‍රදේශයේ සහල් තොග වෙළදුන් සහ සිල්ලර වෙළදුන් රජයෙන් ඉල්ලා සිටියි.
රජය මගින් නාඩු , රතු සහල් සහ සම්බා සහල් සදහා පාලන මිලක් ප්‍රකාශයට පත් කලද එම මිලට සහල් මෝල් හිමියන් විසින් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා නොදිම නිසා දේශිය වෙළඳපොළේ සහල් හිඟයක් තවදුරටත් පවතින බවයි සහල් වෙළදුන් පෙන්වා දෙන්නේ.
කිරි සම්බා සහල් සදහා පාලන මිලක් නොමැති නිසා සහල් මොල් හිමියන් විසින් අවශ්‍ය තරම් කිරි සම්බා සහල් වෙළඳපොළට නිකුත් කරන බවත්, කිරි සම්බා කිලෝවක් රු 155 කට අලෙවි වන බවත්, වෙළඳපොලේ විශාල ඉල්ලුමක් ඇති නාඩු , රතු සහල් සහ සම්බා සහල් ඉතා සිමිත ප්‍රමාණයක් පමණක් වෙළඳපොලට නිකුත් කරන බවත්, මෙම සහල් හිඟය 2020 වසරේ මැයි මස දක්වා පවතින බව සහල් මොල් හිමියන් විසින් තමන්ට දැනුම් දි ඇති බවද හැටන් ප්‍රදේශයේ වෙළදුන් කියා පවසති.
තිරිගු පිටි එකාධිකාරිය බිඳ හෙලිමට රජය මගින් ආනයනික පිටි සදහා පනවා තිබු බදු ඉවත් කර තිරිගු පිටි ආනයනය කිරිමට පෞද්ගලික අංශයට අවසර ලබා දුන්නා සේ සහල් ආනයනය කිරිමට රජය පෞද්ගලික අංශයට අවසර ලබා දුන්නහොත් දේශිය වෙළඳපොලේ ආනයනික නාඩු , රතු සහල්, පොන්නි සහල් සහ සම්බා සහල් කිලෝවක් රු 70 සිට රු 75 දක්වා උපරිම සිල්ලර මිලකට අලෙවි කල හැකි බවයි සහල් තොග සහ සිල්ලර වෙළදුන් කියා සිටින්නේ.
තම වෙළඳසැලේ පාරිභෝගිකයන්ගේ ඉල්ලුමට සහල් ලබා නොදෙන නිසා තම දෛනික ව්‍යාපාර කටයුතු ද අඩාල වි ඇති බව හැටන් ප්‍රදේශයේ සහල් තොග සහ සිල්ලර වෙළදුන් කියා සිටියි.

popular news
-
dayan Sunday, 29 December 2019 05:57 PM
මේ සහල් ප්රශ්නය රජයේ හැකියාව මන බැලීමේ හොඳම නිර්ණායකයකි. අදාල අමාත්‍ය වරයාගේ වගකීමකි.
Reply : 0 0
Champa Sunday, 29 December 2019 08:46 PM
ඒ මොකොටද පිටරටින් ගේන්නේ? කරන්න තියෙන එකම දේ රටේ ලොකුම හාල් මෝල්ලු හාල් හංගන් ඉන්න සියලුම හාල් ගබඩා සීල් තියල වහාම රජ සන්තක කිරීම. ඕවත් වැඩද? මේ රටේ පැහැදිලිවම තියෙන්නේ හාල් මාෆියාවක්. යූ-ටර්න් ජනාධිපති හාල් මෝල්ලු හංගන් ඉන්න හාල් ඔක්කොම රජයෙන් ගන්නවා කිව්වේ ලංකාවේ ලොකුම හාල් ජාවාරම් කාරයා යූ ටර්න් ජනාධිපතිගේ ගජ මිතුරෙක් හින්ද වෙන්න ඕනේ.
Reply : 0 0
Kumar Sunday, 29 December 2019 08:48 PM
සහල් මිල සුදුසු මට්ටමකට පවත්වන්න සහල් ආනයනය කරන එක තමා කරන්න ඕනෙ. කිලෝවක් රුපියල් දෙකකින් අඩුවුණොත් මුදලිලගේ වත්කම කොටි කිහිපයකි අඩුවෙනවා. සිරිසේන යුගයේ සහල් මුදලාලිලාට ලැබුන ආරක්ෂාව ඉවත්කිරීමෙන් ජනතාවට සහනයක් සලසාදෙන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
